පුටින් යුක්රේනය ආක්‍රමණය කරයි ද?

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් සහ රුසියානු විදේශ අමාත්‍ය සර්ගෙයි ලැව්රොව් මහතා මුණගැසී පැය 24 ගත වීමට මත්තෙන් ඩොලර් මිලියන 200 ක ඇමෙරිකානු යුධ ආධාරවල පළමු කොටස ලෙස ටොන් 90 කට ආසන්න පතොරම් සහ මාරාන්තික යුධ ආධාර රැගත් ගුවන් යානයක් යුක්රේනයේ කිව් අගනුවර වෙත ළඟා වී තිබේ .

එස්තෝනියා ,ලැට්වියා සහ ලිතුවේනියා රාජ්‍යයන් හි ආරක්ෂක අමාත්‍යවරුන්   යුධ ටැංකි සහ ගුවන් යානා නාශක මිසයිල යුක්රේනය වෙත ලබා දීමට සුදානම් බවට නිකුත් කරන ලද ඒකාබද්ධ නිවේදනයත් සමග ඇමෙරිකානු යුද ආධාරවල පළමු කොටස  මෙසේ කිව් අගනුවර වෙත ළඟා වී ඇත .

127,000 ආසන්න රුසියානු හමුදා යුක්රේන දේශ සීමා ආසන්නයේ ස්ථානගත වී ඇති අතර යුක්රේන රාජ්‍යයේ අසල්වැසියකු වන බෙලරුස් රාජ්‍යයේ ද රුසියානු යුද අභ්‍යාස සහ ක්‍රියාකාරකම් සිදු වෙමින් පවතී .

රුසියන් ජනාධිපති පුටින් මහතා යුක්රේනය ආක්‍රමණය කිරීමේ අදහසක් නොමැති බව පැවසුවත් ප්‍රධාන ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කර ඇත. කිසිම දිනක යුක්රේනයට නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා නොදෙන බවට පොරොන්දුවක් සහ නේටෝ සංවිධානයේ මිත්‍ර හමුදා වල අවි ආයුධ රුසියානු දේශසීමා ආසන්නයේ ස්ථානගත නොකරන බවට සහතිකයක් අවශ්‍ය බවත් එම ප්‍රධාන ඉල්ලීම්වල ඇතුලත් වී ඇත .

ඇමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය චෝදනා කර සිටින්නේ රුසියාවට හිතවාදී ජනාධිපතිවරයකු යුක්රේනයට පත් කර ගැනීමට රුසියාවට අවශ්‍ය වී ඇති බවයි රුසියානු හමුදාවේ ගරිල්ලා යුධ උපක්‍රම සහ පුපුරන ද්‍රව්‍ය පිළිබඳ මනා පුහුණුව ලැබූ හමුදා නිලධාරීන් කණ්ඩායමක්  යුක්රේන කොඩිය යටතේ ආක්‍රමණය සාධාරණීකරණය කිරීම සදහා දේශසීමාවේ ස්ථාන ගත වී සිටින රුසියානු හමුදාවන්ට ප්‍රහාරයක් එල්ල කිරීමට සැරසෙන බව ඇමෙරිකානු බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරගෙන ඇති බව ඇමෙරිකා එක්සත් ජනපදය පවසයි .

මෙය ඉතාමත් පැරණි රුසියානු යුද උපක්‍රමයක් බවත් ප්‍රහාරය එල්ල වූ වහාම රුසියාව යුක්රේනය ආක්‍රමණය කරනු ඇතැයි ඇමෙරිකානු යුද ප්‍රධානින් පවසයි . ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් මහතා පැවසුවේ ඇමෙරිකා හමුදා යුක්රේනයට යැවීමට කිසිඳු බලාපොරොත්තුවක් නැතත් රුසියාව යුක්රේන දේශ සීමා ආක්‍රමණය කළහොත් විශාල වන්දියක් ගෙවීමට සිදුවනු ඇති බවයි .

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විදෙස් මාධ්‍ය ප්‍රකාශ කලේ

පුටින් ජනාධිපතිවරයා හැමෝටම අනුමාන ඉදිරිපත් කරන්න දීලා නිහඩව බලා ඉන්නවා ඒත් කවුරුත් දන්නේ නැහැ පුටින් ජනාධිපතිවරයාගේ සැබෑ අදහස, චේතනාව,සැලැස්ම .මේක ඇමෙරිකාව සාකච්ඡා මේසෙට ගෙන්නලා තමන්ට ඕන දේ ලබාගන්න යෙදු උපක්‍රමයක්ද ? එසේත් නැත්නම් මෙය සැබෑවටම ආක්‍රමණයකට සුදානම් වීමක්ද ? අපි කවුරුත් දන්නේ නෑ

Related posts

Leave a Comment