“මගේ ජයග්‍රහණය නැති කලේ නාකි විවාහක රූ රැජිනක්”

පසුගිය දිනෙක අමරිකාවේ ලාස්වේගාස් හි පැවැත්වුණු ලෝක විවාහක රූ රැජිණ තරගය ගැන අවධානය යොමු වුණේ පුෂ්පිකා ද සිල්වා ඒ සඳහා සහභාගී වූ නිසයි.

කිරුළේ අර්බුදය නිසා ලෝකෙම කතා වුණු පුෂ්පිකා ද සිල්වා නැවත වතාවක් ජාත්‍යන්තරය තුළ කතාබහට ලක් වන්නෙ තමන් “සිව්වැනි ස්ථානය” ලබාගත් බව කියමින් මුහුණු පොතේ තැබූ සටහනක් හේතුවෙනුයි.

ඇගේ මෙම ප්‍රකාශයන්ට බොහෝ දෙනෙක් පිළිතුරු ලබා දී තිබූ අතර,  චන්දිමාල් ජයසිංහ ද සිය මුහුණු පොතට සටහනක් එක් කරමින් “අනුන්ට දික් කරන ඇගිල්ලත් තමන්ගේ කියලා මතක තියාගන්න.” යනුවෙන් සඳහන් කර තිබුණා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් යලි අදහස් දක්වමින් පුෂ්පිකා කියා සිටියේ ඇමරිකාවේ පැවති ලෝක විවාහක රූ රැජින තරගාවලියේදී තමනට අසාධාරණයක් වූ බවයි. එම අසාධාරණකම් නොතිබුනේ නම් තමන් එම තරගාවලියෙන් ජය ගැනීමට ඉඩ තිබූ බවත් ඇය කියා සිටී.

YouTube නාලිකාවක් සමඟ සාකච්චාවක් පවත්වමින් පුෂ්පිකා ද සිල්වා විවාහක රු රැජින තරඟයේ තිරය පිටුපස සිදුවූ සිදුවීම් සියල්ල හෙළි කරමින් කියා සිටියේ රෝසි සේනානායක ඇතුළු සියලුදෙනා කුමන්ත්‍රණ කරමින් තම ජයග්‍රහණය නැති කල බවයි.

Related posts

Leave a Comment