ව්‍යාජ කොවිඩ් මර්දන එන්නත්කරණ කාඩ්පත් සකස් කළ හෙදියන් දෙදෙනෙකුට එරෙහිව නඩු පැවරීමට අමෙරිකානු නිව්යොර්ක් පොලීසිය පියවර ගෙන තිබේ.
ව්‍යාජව සකස් කළ කොවිඩ් මර්දන එන්නත්කරණ කාඩ්පත් ඔවුන් විසින් ඩොලර් 220ක පමණ මුදලකට අලෙවිකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පොලීසිය විසින් ඔවුන්ට ව්‍යාජ කොවිඩ් මර්දන එන්නත්කරණ කාඩ්පත් සකස් කළ බවට මෙන්ම මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ද චෝදනා ගොනු කර තිබේ.
කෙසේ වුවද අදාළ හෙදියන් දෙදෙනා සහ ඔවුන් සේවය කළ රෝහලේ බලධාරීන් මෙම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බවද වාර්තා වෙයි.