”සූට් මහගෙන ජනපති සිහින දකින අයට මම අභියෝග කරනවා”

තමා සමග වැඩ කිරීමට හැකියාවක් ඇත්නම් තරගයට වැඩ කර පෙන්වන්නැයි ජනාධිපතිකමට ඇඳුම් මසාගෙන සිටින කාඩ්බෝඩ් වීරයන්ට අභියෝග කරන බව ජාතික සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දඹුල්ලේදී පැවසීය.

සමගි ජන බලවේගයේ දඹුල්ල ආසන සංවිධායක යූ.ආර්. දයා නන්දසිරි මහතා දඹුල්ල නිස්සංක පිටියේ සංවිධානය කොට තිබූ ජනහමුවක් අමතමින් විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේ ය.

සාධාරණ මැතිවරණයක් තුළ ජාතික සමගි ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්නා බව ඒ මහතා මෙහිදී සඳහන් කළේ ය.

එක එක කණ්ඩායම් එක එක පුද්ගලයන් ලොක්කන් කියා ගෙන සිටින පුද්ගලයන් ලොකු වින්දනයක් ලබා ගෙන ජනාධිපතිකමට සූට් මැසීමක් සිදුවෙමින් පවතින බව ද එසේ සූට් මහන අයගෙන් තමන් විමසා සිටින්නේ රටේ සංවර්ධනයක් කිරීමට හැකියාව තිබෙනවා ද? ජනතාවට සේවයක් කිරීමට හැකියාවක් තිබේද යන්න විමසන බව ද ඔහු පැවසීය.

එම සූට් මහන, ජනාධිපති සිහින මවන අයට තමන් අභියෝග කරනු ලබන්නේ හැකි නම් තමන් සමග වැඩ කිරීමට, තරගයට සේවය කිරීමට පැමිණෙන්නැයි තමන් ආරාධනා කරන බව ඔහු සඳහන් කළේ ය.

Related posts

Leave a Comment