බූස්ටර් මාත්‍රාව ලබා ගත් පුද්ගලයින් ගණන ලක්ෂ 53 ඉක්මවයි!

මෙරට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ බූස්ටර් මාත්‍රාව ලබා ගත් පුද්ගලයින් ගණන මේවනවිට ලක්ෂ 53 ඉක්මවා තිබෙනවා.

ඒ, ඊයේ දිනයේදී තවත් පුද්ගලයින් 91, 619 දෙනෙකු බූස්ටර් මාත්‍රාව ලබාගැනීමත් සමගයි.

ඒ අනුව මේ දක්වා මෙරටදී බූස්ටර් මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව පනස්තුන් ලක්ෂ 64, 788 ක් වන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ.

මේ අතර බූස්ටර් මාත්‍රාව ලබාගන්නා පුද්ගලයන්ගේ යම් වැඩිවීමක් දක්නට ලැබෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවා.

කෙසේවෙතත් පළමු මාත්‍රාව ලබා නොගත් පිරිස් තවදුරටත් සිටින බවයි ඔහු සදහන් කළේ. ඔවුන්ට එම මාත්‍රාව ලබාගන්නා ලෙසට දැනුවත් කිරීම් මේ වනවිටත් ආරම්භ කර ඇති බවද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියාසිටියා.

මේ අතර අද දිනයේද එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මකයි. ඒ පිළිබද තොරතුරු සිය ප්‍රදේශයට අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන්ලබාගත හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ.

Related posts

Leave a Comment