හුදෙකලා වන අලියෙකුට හිංසා කිරීමේ සිද්ධිය ගැන මහේල තැබූ සටහන!

සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතින හුදෙකලා වන අලියෙකුට හිරිහැර කරන වීඩියෝවක් සම්බන්ධයෙන් හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතා විවේචනාත්මක සටහනක් සිය ට්විටර් ගිණුමේ තබා තිබේ.

අදාළ වීඩියෝවේ දැක්වෙන පරිදි කැලෑවෙන් මහමගට පැමිණ සිටින වන අලියෙකු විනෝදයට ගෙන අඩත්තේට්ටම් වන පරිදි මෝටර් රථයක ගමන් කරන පුද්ගලයෙකු කටයුතු කර පසුව එය ටික්ටොක් වීඩියෝවක් ලෙස ද සමාජ මාධ්‍යයට නිකුත් කර ඇත.

එමෙන් ම, අදාළ පුද්ගලයා මෝටර් රථයේ විදුලි පහන් එළිය එම වන අලියාගේ මුහුණ දෙසට එල්ල කරමින් බිය ගන්වන ආකාරය ද එහි දැක්වේ.

එම ටික්ටොක් වීඩියෝව උපුටා දක්වමින් ජයවර්ධන මහතා සඳහන් කර ඇත්තේ, මෙවැනි සිදුවීමක් වූ පළමු අවස්ථාව මෙය නොවන අතර සතුන්ට හිංසා වන පරිදි ඔවුන්ව විහිළුවට ගනිමින් සිදු කරන මෙවැනි හැසිරීම් නැවැත්වීමට කාලය එළඹ ඇති බව ය.

එමෙන් ම, සතුන්ට නිදහසේ ජීවත්වීමට ඉඩ දිය යුතු බව ද ඔහු එමගින් වැඩිදුරට ත් අවධාරණය කර ඇත.

මේ අතර, පසුගිය දින ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපට නළුවෙකු වන ලියනාඩෝ ඩිකැප්‍රියෝ ද ශ්‍රී ලංකාවේ වන අලින්ට අත්ව ඇති ඛේදනීය තත්ත්වය පිළිබඳව සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබා තිබිණි. 

මෙරට තුළ මිනිසුන් බැහැර කරන දිරාපත් නොවන කැළි කසළ එක් රැසව පවතින ස්ථාන වෙත පැමිණ ඒවා ආහාරයට ගනිමින් මිය යන වන අලි පිළිබඳව එම සටහන මගින් ඩිකැප්‍රියෝ ලෝකයෙහි ම අවධානයට යොමු කළේ ය.

Not the first time this has happen in SL and it’s time we stop this playful behaviour.. let the animals live peacefully. https://t.co/hJScE7XY5t— Mahela Jayawardena (@MahelaJay) February 4, 2022

Related posts

Leave a Comment