බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල සඳහන් කළේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල වැඩි නොකරන බවයි.
මෙලෙස ඉන්දීය ඔයිල් සමාගම විසින් ඉන්ධන මිල වැඩි කිරීම නිසා ඉන්ධන පාරිභෝගිකයන් වැඩි වශයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ඉන්ධනහල් වෙත ඒම තුළ තෙල් සංස්ථාවට තව තවත් පාඩු විඳීමට සිදුවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.