ෆෝන් එකෙන් ගෙදරටම මාලු ඕඩර් කරන්න ඇමති කංචනගෙන් සුපිරි වැඩක්!

ජංගම දුරකථන App එකක් හරහා ඔබට අවශ්‍ය මත්ෂ්‍ය නිෂ්පාදන ගෙදරටම ගෙන්වා ගැනීමට දැන් හැකියාව ලැබෙනවා. ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ පුර්ණ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය Uber ආයතනය හා ලංකා ධීවර සංස්ථාව එක්ව ක්‍රියාවට නැංවේ.

ලංකා ධීවර සංස්ථාවේ නිෂ්පාදන අලෙවිය කොළඹ නාගරික ප්‍රදේශයේ නිවෙස්වලටම ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් Uber ආයතනය සමග නව වැඩසටහන අද උදෑසන ආරම්භ කරන ලදි.

ඉදිරි සති කිහිපයේ කොළඹ දිස්ත්‍රික්කය, මීගමුව නගරය, කුරුණෑගල සහ මහනුවර නගර ආවරණය කිරීමටත් සෙසු නගර සහ ප්‍රදේශ ආවරණය කිරීමටත් බලාපොරොත්තු වේ.

Related posts

Leave a Comment