එන්නත ගෙන්වන්න ප්‍රමාද වුණොත් – දැඩි විවේචනාත්මකව ඉදිරියේදී තොරතුරු හෙළි කරනවා – GMOA

PCR පරීක්ෂණ වැඩිකිරීමට ප්‍රමාද වුවා සේ එන්නත ගෙන්වීම ප්‍රමාද නොකරන ලෙසත් පමා නොවී මෙම කටයුතු කිරීමට සෞඛ්‍ය අංශවල ඒවා භාරව සිටින අයට වගකීමක් ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.

PCR පරීක්ෂණ ප්‍රමාණය වැඩිකර ගැනීමටද දැඩි සටනක් කිරීමට සිදු වූ බවද පවසමින් එහි ලේකම් වෛද්‍ය ශනාල් ප්‍රනාන්දු ඊයේ (21) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැමේ බව පැවසුවේය.

”සුදුසු එන්නතක් තිබෙනවා නම් එම එන්නතේ ප්‍රතිඵල තිබෙනවා නම් ඒක ලෝක සෞඛ්‍ය සංවිධානය පවා අනුමත කර තිබෙනවා නම් රටක් ලෙස රජය කියනවා නම් ඒකට අවශ්‍ය මුදල් ටික දෙනවා ඒකට අවශ්‍ය පහසුකම් සලසනවා කියලා ඇයි පරක්කු වෙන්නේ කියන කාරණයේ ගැටළුවක් තිබෙනවා. ඒ නිසා මේක අනිවාර්යයෙන්ම පරක්කු නොවී කළ යුතුයි. රජය මේකට උපදෙස් දුන්න දවස අපි දන්නවා. ජනාධිපතිතුමා කමිටුවක් පත්කළා ලලිත් වීරතුංග මහත්මයාගේ ප්‍රධානත්වයෙන් යුතුව. හැබැයි මේ එන්නත සම්බන්ධ කාරණයේදී පමාවක් වෙනවා නම් අපි ඒ සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මකව ඉදිරියේදී තොරතුරු හෙළි කිරීමට බලාපොරොත්තු වෙනවා.”

PCR ප්‍රමාණය වැඩි කිරීමට කළ ප්‍රමාදය මෙන් එන්නතටත් ප්‍රමාදයක් ඇති වුවහොත් එයට එරෙහිව ජනතා විරෝධයක් ඇතිවනු ඇති බවද වෛද්‍ය ශනාල් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

Related posts

Leave a Comment