ජාතික සංවිධාන එකමුතුව විසින් කොළඹදී සංවිධානය කළ සම්මන්ත්රණයක් අමතමින් ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පැවසූවේ වරාය ඇතුළු ජාතික සම්පත් අන්සතු කිරීමේ ක්රියාවලිය සමඟ මෙරට භයානක ඉරණමකට ගමන් කරමින් සිටින බවයි.
මේ වන විට රට මුහුණ දී ඇති භයානක ඉරණමට නිවැරදිව මුහුණ නොදුනහොත් සිංහල ජාතිය අවසාන වන බවත් එනිසා ජාතියේ පැවැත්ම උදෙසා නව දේශපාලන ගමනක් ආරම්භ කළ යුතු යැයිද කී ඒ මහතා එසේ නොවුණහොත් රට විශාල අගාධයකට ඇද වැටන බවද කීය.