ඉන්දු ශ්‍රී ලංකා T 20 හා ටෙස්ට් සංචිතය ප්‍රකාශයට පත් කෙරේ !

ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන ඉන්දීය තරග සංචාරය සදහා වන ශ්‍රී ලංකා 20යි 20 සංචිතය අද (21) නිවේදනය කෙරුණා.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත් වන අතර මෙම සංචිතය සදහා ද භානුක රාජපක්ෂ ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන නැහැ.

නිමා වූ ඔස්ට්‍රේලියානු තරගාවලිය සදහා නම් කෙරුණු සංචිතය හා සැසදීමේ දී මෙම සංචිතය සදහා වෙනස්කම් කිහිපයක් සිදු කර තිබෙනවා. ඒ අනුව දකුණත් දග පන්දු යවන ක්‍රීඩක අශේන් ඩැනියල් සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

නුවන් තුෂාර, රමේෂ් මෙන්ඩිස් හා අවිශ්ක ප්‍රනාන්දු නිමා වූ ඔස්ට්‍රේලියානු තරග සංචාරය අතරතුර දී ආබාධවලට ලක් වූ අතර, ඔවුන් මෙම තරගාවලියට නම් කර නැති අතර එම සංචාරයේ දී කොවිඩ් 19 ආසාදනය වූ බිනුර ප්‍රනාන්දු හා වනිදු හසරංග ඉන්දීය තරගාවලිය වෙනුවෙන් නම් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු තරගාවලියේ දී ඉහළ දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට අපොහොසත් වූ ධනුෂ්ක ගුණතිලක ද ඉන්දියාවට එරෙහි ශ්‍රී ලංකා 20යි 20 සංචිතයට ඇතුළත්.

ශ්‍රී ලංකා 20යි 20 සංචිතය –

දසුන් ශානක – නායක, පැතුම් නිශ්ශංක ,කුසල් මෙන්ඩිස් ,චරිත් අසලංක – උප නායක, දිනේෂ් චන්දිමාල්, ධනුෂ්ක ගුණතිලක, කමිල් මිෂාර, ජනිත් ලියනගේ, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, ලහිරු කුමාර, බිනුර ප්‍රනාන්දු ,ශිරාන් ප්‍රනාන්දු,මහේෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සේ, ප්‍රවීන් ජයවික්‍රම,

ටෙස්ට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය මෙතෙක් නිවේදනය කර නැහැ.

මේ අතර ඉන්දීය සංචිතයද ප්‍රකාශයට පත් කර තිබෙනවා චෙටස්වර් පුජාරා හා අජින්කෙයා රහානේ ටෙස්ට් සංචිතයෙන් ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස රෝහිට් ෂර්මා පත් කර තිබෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි තරගාවලියෙන් විවේක ගැන්වූ ජස්ප්‍රිට් බුම්රා යළි ඉන්දීය සංචිතයට කැදවා ඇති අතර, කණ්ඩායමේ උප නායකයා ලෙස ද ඔහු පත් කර තිබෙනවා.

ඉෂාන්ට් ෂර්මා හා ව්රිධිමන් සහා ද ටෙස්ට් සංචිතයෙන් ඉවත් කිරීමටයි තේරීම් කමිටුව කටයුතු කර ඇත්තේ. ආබාධයකට ලක්ව සිටි රවීන්ද්‍ර ජඩේජා යළි ටෙස්ට් හා 20යි 20 සංචිතයට ඇතුළත් කර තිබෙනවා. විරාට් කෝලි හා රිෂාබ් පාන්ට් එළඹෙන 24 වනදා ආරම්භ වන 20යි 20 තරගාවලියෙන් විවේක ගැන්වීමටයි පියවර ගෙන ඇත්තේ.

T20I සංචිතය:

රෝහිත් ෂර්මා (නායක), රුතුරාජ් ගයික්වාඩ්, ශ්‍රෙයාස් අයියර්, සූර්ය කුමාර් යාදව්, සංජු සැම්සන්, ඉෂාන් කිෂාන්, වෙන්කටේෂ් අයියර්, දීපක් චාහර්, දීපක් හූඩා, ආර් ජඩේජා, වයි චහාල්, ආර් බිෂ්නෝයි, කුල්දීප් යාදව්, මොහොමඩ්. සිරාජ්, බුවනේෂ්වර් කුමාර්, හර්ෂල් පටෙල්, ජස්ප්‍රිත් බුම්රා (උප නායක), අවේෂ් ඛාන්

ටෙස්ට් සංචිතය:

රෝහිත් ෂර්මා (නායක), මායන්ක් අගර්වාල්, ප්‍රියන්ක් පංචාල්, විරාත් කෝලි, ශ්‍රේයස් අයියර්, හනුමා විහාරි, ශුබ්මන් ගිල්, රිෂාබ් පාන්ට්, කේඑස් භාරත්, රවිචන්ද්‍රන් අශ්වින් (යෝග්‍යතාවයට යටත්ව) , රවින්ද්‍ර ජඩේජා, ජයන්ත් යාදව්, කුල්දීප් යාදව්, (උප නායක),මොහොමඩ් ෂාමි,මොහොමඩ් සිරාජ්, උමේෂ් යාදෙව්, සෞරබ් කුමාර

ඉන්දු – ශ්‍රී ලංකා පළමු 20යි 20 තරගය පෙබරවාරි 24 වනදා ලක්නව් හී දී ද, දෙවැනි හා තෙවැනි 20යි 20 තරග දෙක එළඹෙන 26 වනදා හා 27 වනදා ධරම්සාලා හී දී ද පැවැත්වීමට නියමිතයි.

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට අයත් තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය මාර්තු 4 වැනිදා මොහාලි ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

දෙවැනි ටෙස්ට් තරගය මාර්තු 12 වැනිදා බැංගලූරු ක්‍රීඩාංගනයේ දී දිවා රාත්‍රී තරගයක් ලෙස ආරම්භ වීමට නියමිත බවයි ඉන්දීය ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

Related posts

Leave a Comment