අවසන් මොහොතේදී භානුක ඉන්දීය සංචාරයෙන් විසි වුණේ ඇයි?

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරය සඳහා වන ක්‍රීඩකයන් 18දෙනෙකුගෙන් යුත් ක්‍රිකට් සංචිතයට කැඳවා තිබුණු ශ්‍රී ලංකාවේ පන්දු වාර 20 ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන භානුක රාජපක්ෂ අවසන් මොහොතේ සංචිතයෙන් ඉවත් කිරීමට හේතු වූයේ කිලෝමීටර 02 ධාවනය සාර්ථකව නිම කළද ‘ස්කින්ෆෝල්ඩ්’ පරීක්ෂණය අසමත් වීම හේතුවෙනි.

භානුක මීට පෙරද ‘ස්කින්ෆෝල්ඩ්’ පරීක්ෂණය අසමත් වී තිබුණු අතර, පසුව ඔහුව සංචිතයෙන්ද ඉවත් කර තිබුණි. කෙසේ වෙතත් අනතුරුව ඔහු ජාත්‍යන්තර පිටියට සමුදුන් අතර, ක්‍රීඩා අමාත්‍යවරයා සමග කළ සාකච්ඡාවකින් අනතුරුව ඔහු ඔහුගේ සමුගැනීම ඉවත් කර ගනිමින්, නැවතත් ජාත්‍යන්තර පිටියට පිවිසියේය.

කෙසේ වෙතත් ක්‍රීඩකයින් සපුරාලිය යුතු ශාරීරික යෝග්‍යතා මට්ටම් සම්බන්ධයෙන් සිදුකල පරීක්ෂණ තුනකදී භානුක සමේ මේද තත්ත්වය පිළිබඳ පරීක්ෂණයෙන් අවශ්‍ය පරිසාධන මට්ටම කරා පැමිණෙන්නට නොහැකි වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා සඳහන් කළා.

භානුක සම්බන්ධයෙන් සිදුකළ පළමු පරීක්ෂණයේදී ඔහුගේ සම නැවීමේ මේද මට්ටම 97ක් ලෙස දැක්වුණු අතර ඉන් අනතුරුව සිදුකළ විශේෂ පුහුණුවීම් සැසි ගණනාවකින් පසුව සිදුකළ පරීක්ෂණයේදී එම මට්ටම දැක්වී ඇත්තේ 86 ක් වශයෙන්.

කෙසේ වෙතත් අවශ්‍ය පරිසාධන මට්ටම වන 75 සීමාවට පැමිනෙන්නට ඔහු තවත් පුහුණු සැසි කිහිපයකින් පසු නැවත පරීක්ෂණයකට යොමු වූ අතර එහිදී ඔහුගේ සම නැවීමේ මට්ටම දැක්වී ඇත්තේ 103ක් වශයෙන්.

කෙසේ වෙතත් ඉන්දීය සංචාරයට එක්වීමේ අපේක්ෂාවෙන් භානුක තවමත් ජෛව බුබුළ තුළ කටයුතු කරන අතර, මීට සතියකට පමණ පෙර ඔහු ජෛව බුබුළට එකතු වී තිබුණි. පෙරේදා (20දා) රාත්‍රියේ ඔහුට තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා දැනුම් දී ඇත්තේ ඔහුව ඉන්දීය සංචාරයට නම් කර නොමැති බවයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පවසා සිටියේ තමන්ට එක් ක්‍රීඩකයෙකුට පමණක් විශේෂයක් කළ නොහැකි බවයි.

“අපි භානුකට දැනුම් දුන්නා ඔහු ‘ස්කින්ෆෝල්ඩ්’ පරීක්ෂණය අසමත්වෙලා නිසා ඔහුව ඉන්දීය සංචාරයට රැගෙන යන්නේ නැහැ කියලා. මට භානුකට විතරක් විශේෂයක් කරන්න බැහැ. එතකොට අනෙකුත් ක්‍රීඩකයන්ට එය අසාධාරණයක් වෙනවා. මම යම් හෙයකින් භානුකට අවස්ථාව ලබාදුන්නොත්, ‘ස්කින්ෆෝල්ඩ්’ පරීක්ෂණය අසමත් වුණු තව ක්‍රීඩකයෙකුත් ඇවිත් අවස්ථාව ඉල්ලුවොත් ඔහුටත් ඒ අවස්ථාව දෙන්න වෙනවා.

ඉතින් මම භානුකට මේ තියෙන තත්ත්වය පැහැදිලි කරලා දුන්නා. ඔහුට ‘ස්කින්ෆෝල්ඩ්’ පරීක්ෂණය ඉදිරියේදී සමත් වෙන්න පුළුවන් නම් අපි ඔහුව අනිවාර්යෙන් ඊළඟට තිබෙන සංචාර සඳහා කැඳවනවා” යනුවෙන් තේරීම් කමිටු සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

නිමා වූ ඔස්ට්‍රෙලියානු සංචාරය තුළ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා ඔස්ට්‍රෙලියානු කණ්ඩායම හා සම මට්ටමේ තිබුණු නමුත් ශාරීරික යෝග්‍යතාව සලකා බැලීමේදී ඔස්ට්‍රෙලියානු කණ්ඩායමේ වේගය සහ විචල්‍ය හැකියාව ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා බොහෝ ඉදිරියෙන් තිබුණු බව තේරීම් කමිටු සභාපති වරයා සඳහන් කලා.

අද වන විට ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතා මට්ටම් ක්‍රීඩාව තුලදී සියයට සියයක්ම පවත්වාගත යුතු බවත් එසේ නොමැතිව අද පවතින තරගකාරී තත්ත්වය තුළ ජයග්‍රහණ සහ කණ්ඩායමේ ඒකාග්‍රතාව අඛණ්ඩව රඳවා ගත නො නොහැකි බවත් ‍රමෝදය වික්‍රමසිංහසිංහ ගේ අදහසයි.

කෙසේ වෙතත් භානුකගේ මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන්යෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය මණ්ඩලය හා සාකච්ඡා කොට ඒ සම්බන්ධයෙන් වැඩිදුර උපදෙස් ලබා ගැනීමට අදහස් කරන බවත් තේරීම් කමිටු සභාපති වරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින අනෙක් ප්‍රහාරාත්මක පිතිකරුවා වන කුසල් ජනිත් හට මතුව ඇති ආබාධ තත්ත්වයෙන් සුවය ලබා පැමිණෙන්නට තවත් ටික කලක් ගතවනු ඇති බවත් ඔහු කියා සිටියා.

Related posts

Leave a Comment