ඉන්දු ශ්‍රී ලංකා තරගාවලිය ගැන රෝහිත් ෂර්මා කියපු කතාව මෙන්න!

ශ්‍රී ලංකාව සමග ආරම්භ වීමට නියමිත තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් ඉන්දීය නායක රෝහිත් ෂර්මා අදහස් දක්වා සිටියා.

“ශ්‍රී ලංකාව වෙනස් අභියෝගයක්” යනුවෙන් රෝහිත් ෂර්මා සදහන් කළා.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග නිමා වූ 20යි 20 තරගාවලියෙන් පසුව පැවැති ත්‍යාග ප්‍රදානෝත්සවයේ දී නිවේදක මුරලි කාර්තික් යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් ඔහු මෙසේ සදහන් කර තිබුනා.

“නමුත් මම ප්‍රතිවාදී කණ්ඩායම දිහා බලන්නේ නැහැ. මම බලන්නේ කණ්ඩායමක් විදිහට අපිට මොකක්ද කළ හැකි වන්නේ කියලා”

“සමහර දේවල් අපි නිවැරැදි කළ යුතුයි. විශේෂයෙන් පන්දු රැකීම සහ උඩ පන්දු රැක ගැනීම. ඒක අපි බැලිය යුතු දෙයක්. ඒකත් හදාගන්න පුලුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.“

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන 20යි 20 තරගාවලිය එළඹෙන 24 වනදා ලක්නව් හී දී ආරම්භ වීමට නියමිතයි.

Related posts

Leave a Comment