බූස්ටර් මාත්‍රාවෙන් අතුරු ආබාධ නෑ!

කෝවිඩ් 19 වෛරසයේ බූස්ටර් මාත්‍රාව ලබා ගත් පුද්ගලයන්ට අතුරු ආබාධ ඇති වන බවට කටකතා පැතිර යාම පිළිබඳ අතිශය කණගාටු වන බවත් වර්ථමානයේ අනාවරණය වී ඇති පරිදි කිසිදු අතුරු අබාධයක් බූස්ටර් මාත්‍රාව සමග ඍජු සම්බන්ධතාවයක් නොමැති බව විද්‍යාත්මක පසුබිම බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.

ඒ අනුව හැකි ඉක්මනින් ලගම පිහිටි කෝවිඩ් එන්නත් කරන මධ්‍යස්ථානයෙන් බූස්ටර් එන්නත ලබා ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව ස්ථාවර නියෝග 27/2 යටතේ අපේ ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අද (24දා) පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම සඳහන් කළේය.

මේ අතර එන්නත් මාත්‍රා 03ම ලබා ගත් පුද්ලයන්ගේ කෝවිඩ් මරණ සංඛ්‍යාව 0.2%ට ඉතා අවම මට්ටමකට පවතින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

Related posts

Leave a Comment