කීව් සත්වෝද්‍යානයේ සතුන් පෝලන්තයට! (PHOTOS)

රුසියන් හමුදා කීව් අගනුවර වටලා දිගට හරහට පහර දෙද්දී, කීව් අගනුවර සත්වෝද්‍යානයේ සතුන් පෝලන්තයට රැගෙන යෑමට සත්වෝද්‍යාන බලධාරීන්   සහ සේවකයන් කටයුතු කර ඇතිබව විදෙස් මාධ්‍ය පවසනවා.

Kyiv හි නැගෙනහිර අභයභූමියේ හිමිකරු බටහිර පෝලන්තයේ Poznan සත්වෝද්‍යානයෙන් සතුන් ආරක්‍ෂා කර ගැනීම සඳහා උපකාර ඉල්ලා තිබෙනවා. පසුව මෙම සතුන් පෝලන්තයට ප්‍රවාහනය කර තිබෙනවා .

මෙම සතුන් රැගෙන යමින් තිබුණු ට්‍රක් රථවලට පවා රුසියන් හමුදා මෝටර් ප්‍රහාර එල්ල කළ බව ද පැවැසෙයි. සත්වෝද්‍යාන බලධාරීන් ප්‍රකාශ කළේ තමන් දිවි පරදුවට තබා සත්වෝද්‍යානයේ සතුන් ආරක්ෂා කර ගත් බවය.

Zhytomyr සහ අනෙකුත් බෝම්බ හෙලන කලාප මග හැරීමට ඔවුන්ට බොහෝ දුරක් යාමට සිදුවී තිබෙනවා.  ඔවුන්ට බොහෝ වාරයක් ගාමන් දිශාව වෙනස් කරන්නට සිදු වී තිබෙනවා.

ඒ ගමන් ගන්නා සියලු මාර්ග රුසියන් හමුදා පුපුරවා විනාශ කර ඇති නිසා , මෙවනි පාරවල් වල  සතුන් ප්‍රවාහනය  කළ නොහැකි බැවින්  ඒ නිසා බොහෝ කාලයක් ගත වි ඇත.

නමුත් දින 6 ක ගමනකින් පසු  Kyiv හි නැගෙනහිර අභයභූමියක සිට සිංහයන් හය දෙනෙකු, කොටියන් හය දෙනෙකු, කැරකල්වරුන් දෙදෙනෙකු සහ අප්‍රිකානු වල් බල්ලෙකු රැගත් ට්‍රක් රථයක් බ්‍රහස්පතින්දා පෝලන්තයට ළඟා වූ බව පෝලන්ත සත්වෝද්‍යාන නිලධාරියෙක් පැවසීය.

Related posts

Leave a Comment