“අපට 100% පාලනයක් දැන් නැහැ, දැන් අපි වටවෙලා ඉන්නේ” කියෙව් නගරාධිපති දැන් කියන කතාව!

යුක්රේන අගනුවර වට කර ඇති අතර, සිවිල් වැසියන් ඉවත් කිරීම දැන් කළ නොහැකි බව කියෙව් නගරාධිපති විටාලි ක්ලිට්ස්කෝ ඇසෝසියේටඩ් ප්‍රෙස් විදෙස් මාධ්‍ය ආයතනයක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පවසා තිබෙනවා.

“අපට එය කළ නොහැකියි. මන්ද සියලු මාර්ග අවහිර වී තිබෙනවා” කියෙව්හි සිවිල් වැසියන් ඉවත් කිරීමට සැලසුම් කර තිබේද යන්න ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියෙව් නගරාධිපති ක්ලිට්ස්කෝ පවසා තිබෙනවා.

නගරාධිපති ක්ලිට්ස්කෝ වැඩිදුරටත් පවසා තිබුනේ.
“දැන් අපි වටවෙලා ඉන්නේ. මම දැන් ජනාධිපති (සෙලෙන්ස්කි) සමග කතා කළා. හැමෝම හොඳින් නොවෙයි කතා කළේ. ඇත්තම කියනවා නම්, අපට 100% පාලනයක් දැන් නැහැ. දේශප්‍රේමී මිනිසුන් යොදාගෙන මේ භෞමික ආරක්ෂාව කෙටි කාලයක් තුළයි අප ගොඩනගා ගත්තේ. අපි ඉන්නේ ව්‍යසනයක මායිමේ. දැන් අපට විදුලිය තියෙනවා. දැනට අපේ ගෙවල්වල ජලය සහ උණුසුම තියෙනවා. නමුත් ආහාර සහ බෙහෙත් බෙදා හැරීමට යටිතල පහසුකම් විනාශ ගිහින්.” බවයි.

කෙසේ වෙතත් දිග හැරෙන වර්ධනයන් පැහැදිලි කිරීමේදී, රුසියානු හමුදා යුක්රේන නගර ඉලක්ක කර නොගන්නා අතර, සිවිල් ජනතාවට කිසිඳු තර්ජනයක් නොමැති බවත්, යුක්රේන හමුදා යටිතල පහසුකම් අකර්මණ්‍ය කිරීමට පමණක් ප්‍රහාර සීමා වී ඇති බවත් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සහතික කළේය.

Related posts

Leave a Comment