රාජපක්ෂලා අවුල් කර ගත්තට කරන්න දෙයක් නැහැ – නැගෙනහිර ජැටිය විකුණන්න අපි ගිවිසුම් ගැහුවේ නෑ

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය විකිණීම සඳහා පසුගිය යහපාලන රජය ගිවිසුම් ගත වූයේ නැති බවත් එහිදී ගිවිසුම්ගත වූයේ වසර හතළිහක් තිස්සේ ගෙවන ණය මුදලක් ලබාගැනීම සඳහා බවත් රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ අනුව මුල් වසර 12 යන තෙක් ණය වාරික ගෙවිය යුතු නැති බවත් ඔහු පැවසීය.

එම ණය මුදල ජපානයෙන් ලබා ගැනීමට සූදානම් වූයේ 0.1% ණය පොලියකට සීමා කර ගනමින් බවත් මුල් වසර 12දී කිසිදු ණය වාරිකයක් නොගෙවා ඉතිරි වසර 28 අතුලත ණය මුදල ගෙවීමට එකඟ වූ බවද ඔහු සඳහන් කලේය.

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ක්‍රියාපටිපාටියෙන් ජපන් රජය ඉවත් කර වත්මන් පාලනය සියල්ල අවුල් කර ගත්තාට දැන් කරන්නට දෙයක් නැතැයි ද හෙතෙම කියා සිටියේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ තම නිවසේ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

Related posts

Leave a Comment