ඉන්ධන සහ ගෑස් මිළ ඉහළ යන බවට ආර්ථික විශේෂඥයින්ගෙන් අනාවැකි!

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීම හරහා ජනජීවිතයටද බලපෑම් එල්ලවන බව ආර්ථික විශේෂඥයින් පවසනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමණාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ ප්‍රධානී මහාචාර්ය ජනක් කුමාරසිංහ පැවසුවේ රට තුළ උද්ධමනය තවත් සියයට 20කින් පමණ ඉහළ යනු ඇති බවයි.

ගෑස්, ඉන්ධන ඇතුළු භාණ්ඩ රැසක මිළද ඉහළ යනු ඇති බවයි මහාචාර්ය ජනක් කුමාරසිංහ සඳහන් කළේ.  අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීමට ඉඩ හැර මහ බැංකුව අපේක්ෂා කළේ ඩොලරයේ අගය උපරිම රුපියල් 230 ක් දක්වා ඉහළ යනු ඇති බවයි.

Related posts

Leave a Comment