සර්ගේ ගවුම් අඳින ගෝලයා සයිස් එක බලන්න ආසාවෙන් ඉන්නවා – හරීන් ගවුම් ගැලවෙන්න කියයි

විවේචන වලට උත්තර දෙන්න බැරුව තමන්ගේ චරිතය ඝාතනය කරමින් තමා කෙරෙහි ජනතාවට ඇති විශ්වාසනීයත්වය නැති කිරීමට ආණ්ඩුව විසින් තමාව කුඩ්ඩෙක් කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඔය ඔක්කොම නිර්මාණය කරන්න සර්ගෙ ගවුම් අදින ගෝලයෙක් ඉන්නවා. ඒ මිනිහා නිර්මාණය කරන දේවල් තමයි මේවා. පැණි බොන සහ ඇත්තට කුඩු පොවන නාළිකාවලින් ඕව කිව්වා කියල මං ඕවට උත්තර දෙන්න යන්නෙ නැහැ. යනුවෙන් මන්ත්‍රීවරයා පවසයි.

එමෙන්ම වැඩි දුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා පැවසූයේ ඒ පිළිබඳ පරීක්ෂණයකට මුහුණ දීමට තමන් කිසි විටක බිය නොවන බවත් මේ පරීක්ෂණය කරන්න ලංකාවේ  සාම්පල් ක්‍රමවේද දෙකක් ඇති බවත් ඒ ක්‍රම දෙකටම තමන් මුහුණ දීමට සූදානම් බවයි.

එමෙන්ම මුත්‍රා කරන කොට ඒකත් වීඩියෝ කරන්න වෙන බවත් නැත්නම් එය තමාගේ මුත්‍රා නොවන බව ප්‍රකාශ කළ හැක යැයි ඒ මහතා පැවසීය.

මේ හේතුවෙන් එයත් වීඩියෝ ගත කරන බවත් ගවුම් අඳින කෙනාට සයිස් එක ප්‍රශ්නයක් ඇති බැවින් අවශ්‍යනම් ඔහුට ඒ සඳහාද විසඳුම් ලබා දිය හැකි බවත් මන්ත්‍රීවරයා පැවසීය.

පෞද්ගලික යූ ටියුබ් චැනලයක සකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ අදහස් දැක්වීය.

Related posts

Leave a Comment