ජනමාධ්‍ය කළ යුත්තේ අවුළුවාලීම නොව දැල්වීමයි!

ප‍්‍රකාශන නිදහස යනු කිසිවකුගේ බලපෑමකින් තොරව තම මතය ප‍්‍රකාශ කිරීමට ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය බවත් එය සෑම විටම ආකල්ප මත නොව තොරතුරු හා දත්ත මත පදනම් විය යුතු බවත් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පෙන්වා දෙයි. එමෙන්ම ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව දරන ප්‍රතිපත්තිය ජනමාධ්‍ය වාරණය නොව නියාමනය බවද හෙතෙම අවධාරණය කරයි.

ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඉකුත් 12 වැනිදා පැවැති ශ්‍රී ලංකා මුස්ලිම් ජනමාධ්‍යවේදී සංසදයේ 25 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.

වැඩි දුරටත් අදහස් දැක් වූ ඩලස් අලහප්පෙරුම මහතා,

“මිලියන විසිදෙකක ජනතාවක් ජීවත්වන කුඩා දූපතක සහෝදර භාෂා දෙක පිළිබඳව ඇති නොදැනුවත්කම බොහෝ අතීත ප්‍රශ්නවලට හේතු වුණා. මෙරට ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස මා ඔබට කතා කරන්නේ ඇතැම්විට ඔබ කතා කරන භාෂාවෙන් නොවීම පිළිබඳව පළමුවෙන් මා සමාව ඉල්ලා සිටිනවා.

ශ‍්‍රී ලංකාව වැනි බහු වාර්ගික, බහු ආගමික, බහු සංස්කෘතික රටක සංහිඳියාව සහ ජීවනය, සහෝදරත්වය, සහයෝගිතාව සහ සමානාත්මතාවය වෙනුවෙන් මුස්ලිම් මාධ්‍ය සංසදය විසින් කරන ලද දායකත්වය සුළු පටු නොවන බව මම පළමුවෙන්ම කියන්නට කැමැතියි.

විශේෂයෙන්ම සන්නිවේදන තාක්ෂණයේ ශීඝ‍්‍ර දියුණුවත් සමඟ මාධ්‍ය සහ නව මාධ්‍ය රටක, සමාජයක, ආකල්ප, සිතුවිලි, විනය, ඉවසීම, වින්දනය සහ රසාස්වාදය මෙහෙයවන වර්තමානයක අප වැනි රටක සහෝදර ප‍්‍රජාවක් නියෝජනය කරමින් ක්‍රියාත්මක වන මුස්ලිම් මාධ්‍ය සංසදයට රටේ සුබවාදී, යහපත්, ධනාත්මක ඉදිරි ගමනක් සඳහා උරදිය හැකි අවකාශයන් අපමණයි. එය රටේ මාධ්‍යය සහ සන්නිවේදනය පිළිබඳව පළමුවැනි වගකිවයුත්තා ලෙසට මා පිළිගන්නවා පමණක් නොවෙයි කොන්දේසි විරහිතව ඒ වෙනුවෙන් පෙනීසිටින බවටත් ඔබ සියලුදෙනා ඉදිරිපිට සපථ කරන්නට අවශ්‍යයි.

මුළු ලෝකයේම විශේෂයෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල් පවා ඉතා දැඩි ලෙස බෙදීමකට, වර්ගීකරණයකට ලක්වී තිබෙන වකවානුවක් තමයි මේ. එය පක්ෂ, මතවාද, ආකල්ප, සංස්කෘතික, වාර්ගික, ආගමික හෝ සමාජීය, ආර්ථිකමය ලෙසට බෙදී වෙන්වී පිළිලයක් මෙන් උඩුදුවමින් රටවල් ගිලන් කරමින් තිබෙන අයුරු දූපතක ජීවත්වුණත් අපි දිනපතා මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය හරහා දකිනවා. එවැනි තත්ත්වයකට මුහුණදීමේ දැඩි අවදානම් අප මාතෘභූමිය හමුවේත් නිරන්තරයෙන් පවතිනවා. නමුත් කුමන බාධාවන් මැද්දේ වුණත් අපට පුළුවන් ලෝකයෙන් පූර්වාදර්ශන් ගන්න, අපේ රටේ අ¾දුරුම පරිච්ඡේදවලින් පාඩම් ඉගෙන ගන්න, එක්ව නැඟිටීමක් මිස වෙන්ව බිඳවැටෙන්නට ඉඩනොදී ශ‍්‍රී ලංකාව රැක ගැනීමට නම් අපි අනේ‍යාන්‍ය වශයෙන් ඉවසීම, අවබෝධය, සහයෝගිතාව පුරුදු පුහුණු කළ යුතුමයි. මාස නවයක් මම අධ්‍යාපන අමාත්‍යවරයාව සිටියා. මෙතැනදී කියවුණු විදිහට ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය හොඳ සිංහල, හොඳ දෙමළ, හොඳ මුස්ලිම් අය බිහි කරනවා. නමුත් හොඳ ශ්‍රී ලාංකිකයන් බිහි කරන්නේ නෑ. එය අද දවසේ කියමන විදිහට මේ සභාවෙන් එළියට යද්දි අපි රැගෙන යා යුතුයි කියලා මම යෝජනා කරනවා. එයට වැඩිම දායකත්වයක් දැක්විය හැක්කේ මාධ්‍යයට සහ සන්නිවේදනයටයි. නමුත් වර්තමානයේ මාධ්‍ය සහ සන්නිවේදනය මිනිසාගේ ශ්‍රේෂ්ඨතම සොයාගැනීමක් වන ගින්දර හා සමාන වී තිබෙනවා. හරියට පාචිච්චි කළොත් ඵලදායි ලෙස ප‍්‍රයෝජනය ගන්නත් වැරදි භාවිතයෙන් අප වනසා දමන්නත් ගින්දරට පුළුවන්.

ඉතින් මාධ්‍යවේදීන්, සන්නිවේදකයන් ලෙසට අපට දැඩි වගකීමක් තිබෙනවා. ඒ මොකක්ද? මේ ගින්දර වැනි වූ මාධ්‍ය භාවිතව මනුෂ්‍යත්වයේ යහපත වෙනුවෙන් ශ්‍රී ලාංකේය අනන්‍යතාවක් වෙනුවෙන් දල්වන්නටයි. අවාසනාවට නමුත් බහුලව සිදුවන්නේ කුමක්ද?

වැරදි දේශපාලන සහ මාධ්‍ය භාවිතාවන් හරහා සහෝදර ජනතාව දෙස සැකයෙන්, වෛරයෙන්, ද්වේශයෙන් බලන්නට පොලඹවන තත්ත්වයන් මෑත ඉතිහාසය පුරා ක්‍රියාත්මක වෙලා තියෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙසට අප සහෝදර ප්‍රජාවට දැඩි සිත් රිදවීම්, සිත් බිඳීම් ඇතිවුණ බව කනගාටුවෙන් වුණත් පිළිගන්නට සිද්ධ වෙනවා. අපට, රටට ඉදිරිගමනක් යන්න නම් එය වෙනස්විය යුතුමයි. වෙනස්කම් වෙනුවට සමානකම් ඉස්මතු විය යුතුයි. දැනුවත් විය යුතුයි. මෝහයට අවකාශයක් නොමැතිවන්නේ එහෙම වුණොත් පමණයි.

ඉස්ලාම් ආගම සහ ඉස්ලාම් භක්තිකයන් වන සහෝදර මුස්ලිම් ජනයා වර්තමානයේ අප සමාජයේ විවිධ කතිකාවලට භාජන වෙමින් පවතිනවා. මුස්ලිම් ජනයා සම්බන්ධයෙන් සමාජගත වන ජනප‍්‍රිය මත බහුතරයක ඔවුන්ගේ ඉතිහාසය, සංස්කෘතිය, විශේෂයෙන්ම දැනුම සහ අවබෝධය ගෝත‍්‍රික ජනකොට්ටාසයක ඇවතුම් පැවතුම් සහ සිරිත්විරිත් ලෙසට ලඝු කරන්නට ඇතැමුන් නැඹුරුවක් ගෙන තිබෙනවා.

වසර 2000ක ඉතිහාසයක් ඇති ඉස්ලාම් දහම සහ විශේෂයෙන් එහි අනුගාමිකයන් අවිද්‍යාවෙන්, අවිචාරයෙන් පෙළෙන ගෝත‍්‍රිකයන් පිරිසක් ලෙසට හංවඩු ගසන බොහෝදෙනා, ඔවුන් විසින් මානව සංහතියේ උන්නතියට දැක්වූ දායකත්වයක් ගැන විමර්ශනයක් කරන්න මැළිකමක් දක්වනවා.

ලෝක ඉතිහාසය පුරාම, මානව ප‍්‍රගමනයට, උසස් සංස්කෘතියට සහ මානව ශාස්ත්‍රවලට මුස්ලිම් ලෝකයෙන් දැක්වූ දායකත්වය අසමසමයි. උදාහරණ කිහිපයක් මම ඔබත් එක්ක බෙදා ගන්න කැමැතියි. ඕමාර් ඛයියාම් වැනි බහු ශාස්ත‍්‍රඥයෙක් විසින් රචිත රුබයියාට් වැනි කෘතිවල සිට 19 වන සියවසේ ලෙබනන් ජාතික ඛලීල් ජිබ්රාන්ගේ නිර්මාණ හරහා වර්තමානයේ ඛලීඩ් හුසේන් වැනි සාහිත්‍යධරයන්ගේ නිර්මාණ ඒවගේම 7 වන සියවසේ සිට 13 වන සියවස දක්වා ඉස්ලාම් අධ්‍යයනයේ ස්වර්ණමය යුගයේදී බිහිවුණු වීජ ගණිතයේ පියා ලෙස සැලකෙන අල්ක්වාරිස්මි වැනි ශාස්ත්‍රඥයන් විසින් නවෝත්පාදනය කළ දැනුම් සම්භාරයන් පිළිබඳව ඇයි අපි කතා කරන්නේ නැත්තේ.

හින්දු – අරාබි ඉලක්කම් මතින් තමයි අද අපේ ජීවිතයේ සෑම දෙයක්ම තීරණය වන්නේ. කවුද හින්දු-අරාබි ඉලක්කම් ලොවට දායාද කළේ?

එපමණක් නොව, පර්සියාවේ විසූ නසුර්දීන්ගේ කතා පවා මනුෂ්‍යත්වය පෝෂණය කරන්නට සහශ‍්‍රයකට අධික කාලයක් සමත්වුණා කියන කාරණාව අපි සාකච්ඡා වාද අවකාශ ඇතුළේ තබාගන්නට ඕනේ. වැඩි අෑතකට යන්න ඕනේ නැහැ අපි ඉන්දියාවේ පළමුවැනි පුරවැසියා විදිහට හිටපු අබ්දුල් කලාම් වැනි ශ්‍රේෂ්ඨ චින්තකයෙක්ගෙන් චින්තන පිළිබඳව මීට වඩා ගැඹුරින් මාධ්‍ය ඇතුළේ කතිකා කරන්නට ඕනේ.

ඉතින් මෙවැනි තොරතුරු සමාජ ගත වෙනවා නම්, දැනුවත් වෙනවා නම්, අවබෝධ වෙනවා නම් තමයි මං අර ඉස්සෙල්ලා කිව්ව වෙනස නොපෙනීයන්නට පටන් අරගෙන සමානකම් ඉස්මතු වෙන්න පටන් ගන්නේ. ඉන්දියන් සාගරයෙන් එහා චරිත පමණක් නෙමෙයි අපේ රට තුළ අපි දන්න දේශපාලන චරිත අරන් බලන්න. බදියුදීන් මහාමුද් අධ්‍යාපන ඇමැතිතුමා මොන තරම් විශිෂ්ට මෙහෙවරක් ශ්‍රී ලාංකේය අධ්‍යාපනය වෙනුවෙන් දායාද කළාද? ටී.බී. ජායා මැතිතුමා, අලෙවි මවුලානා මැතිතුමා ශ්‍රී ලාංකේය අනන්‍යතාව වෙනුවෙන් කොයි තරම් දායකත්වයක් දැක්වූවාද? ආසන්නතම උදාහරණය වර්තමාන අධිකරණ ඇමැතිතුමා අලි සබි්‍ර මැතිතුමා. එතුමා ධුරයට ඇවිත් මාස 17ක් ඇතුළත පනත් 52ක් ඉදිරිපත් කරලා තියෙනවා.

දත්ත ආරක්ෂණය පිළිබඳව පූර්ණ කතිකාවත් ඇති කරගන්න අලි සබි්‍ර, නාමල් රාජපක්‍ෂ යන අමාත්‍යවරුන් සමඟ පාර්ලිමේන්තුවේදී මා යෝජනා කළ බවද සිහිපත් කරන්න කැමැතියි.

සන්නිවේදකයන් ලෙසට, මාධ්‍යවේදීන් ලෙසට අප සියලුම දෙනාට ඉතාමත් භාරධූර වගකීමක් පැවැරිලා තියෙනවා. අද ලෝකයේ තීරණාත්මකම බලය බවට පත්වෙලා තියෙන්නේ මාධ්‍ය. ලෝකයේ මතය හසුරවන වේදිකාව බවට පත්වෙලා තියෙන්නේ මාධ්‍ය. මාධ්‍යවේදියෙක් විදිහට වෘත්තීය ජීවිතයකට පිවිසි මමත් කලක් මානව හිතවාදී නොවන දේශපාලන ප්‍රවාහයකට එරෙහිව පෑන මෙහෙයෙව්වා. මට පෞද්ගලිකව අත්දැකීම් තිබෙනවා සහෝදර ඔබගේ වෘත්තීයමය කාර්යභාරය ගැන. අපි බෙදන්නට වඩා එකතු කරන්නට කියන අභිප‍්‍රායෙන් අපේ පෑන මෙහෙයවිය යුතුමයි.

එලෙස පෑන මෙහෙයවන්නට ඔබට අවකාශය සලසා දෙන්නේ ප‍්‍රකාශන නිදහසයි. ප‍්‍රකාශන නිදහස කියන්නේ අප කැමැති දේ ප‍්‍රකාශ කිරීමටත්, අකැමැති දේ වාරණය කිරීමටත් තිබෙන නිදහස නොවෙයි. ප‍්‍රකාශන නිදහස කියන්නේ තමන්ට පමණක් තම මතය ප‍්‍රකාශ කිරීමට ඇති නිදහසත් නෙවෙයි. එහෙනම් ප්‍රකාශන නිදහස කියන්නේ කුමක්ද? මං එහෙම කියන්නේ මේ සංකල්පය නිරන්තරයෙන් භාවිතයේදී පැටලෙන්නට ප‍්‍රවණතාවක් තියෙන නිසයි.

ප‍්‍රකාශන නිදහස කියන්නේ අන් අය එකඟ වූවත් නොවූවත් බලපෑමකින් තොරව තම මතය ප‍්‍රකාශ කිරීමට ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියයි. හැබැයි මේ අයිතිය පාවිච්චි කරන්නට ඕනේ තොරතුරු මත, ආකල්ප මත නෙමෙයි. එය සුරැකීම අප සැමගේ වගකීමක්. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඇතුළු වර්තමාන ආණ්ඩුවත්, ජනමාධ්‍ය ඇමැතිවරයා විදිහට මගෙත් ප්‍රතිපත්තිය වාරණය නොව නියාමනය බව මම නැවතත් අවධාරණය කරනවා. අද ඒ ප්‍රකාශන නිදහස ඔබට නැති වුණොත්, හෙට මගේ ප්‍රකාශන නිදහස නැති වෙන්න පුළුවන්.

ශුද්ධ වූ කුරානයේ පවසන්නේ එක් අහිංසක මිනිස් ජීවිතයක් බිලි ගන්නා අයෙක් මුළු මානව සංහතියම බිලි ගන්නකුට සමාන වන බවයි.

අද රිදී ජූබිලිය සමරන මුස්ලිම් මාධ්‍ය සංසදයට මාගේ හෘදයාංගම ශුභාශිංසන පිරිනමන අතරම යුගයේ අවශ්‍යතාවක්ව තිබුණ අත්‍යවශ්‍ය කරුණක් වුණ වරලත් මාධ්‍යවේදීන් බිහිකිරීම වෙනුවෙන් ආරම්භ කිරීමට නියමිත ශ‍්‍රී ලංකාවේ ප්‍රථම වරලත් ජනමාධ්‍යවේදීන්ගේ ආයතනයේ කාර්යභාරය සාර්ථක කරගන්නත් මූස්ලිම් මාධ්‍ය සංසදයේ සහෝදර ඔබගේ නිමල සහයෝගයත් නිතැතින්ම ලබාදෙන්න කියලත් මේ වෙලාවේ හෘදයාංගමව මම ඉල්ලීමක් කරන්න කැමැතියි.”

මෙහිදී ජනමාධ්‍යවේදීන් මුහුණ දෙන ගැටලු පිළිබඳව සිදුකරන ලද පර්යේෂණ වාර්තාවක්ද, මාධ්‍යවේදීන්ට අත්‍යවශ්‍ය වන දුරකථන නාමාවලියක්ද ශ්‍රී ලංකා මුස්ලිම් ජනමාධ්‍යවේදී සංසදය විසින් ජනමාධ්‍ය අමාත්‍යවරයා වෙත පිළිගන්වන ලදී.

මෙම අවස්ථාවට ගෞරවනීය ආරාධිතයා ලෙසින් ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රි නවාස් ගානි මහතා සහභාගි වූ අතර ප්‍රධාන දේශනය ආචාර්ය එම්.සී. රස්මින් මහතා විසින් සිදු කළේය.

ශ්‍රී ලංකා මුස්ලිම් ජනමාධ්‍යවේදී සංසදයේ සභාපති ජේ‍යෂ්ඨ මාධ්‍යවේදී එන්.එම්. අමීන්, ලේකම් ශාදික් ශිහාන්, භාණ්ඩාගාරික ජන්සිත් අසීස් හා ජනාධිපති නීතිඥ තවරාසා යන මහත්වරුන්ද

ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකා දෙමළ මාධ්‍ය සන්ධානය, දකුණු ආසියානු නිදහස් මාධ්‍ය සංගමය,

ශ්‍රී ලංකා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ශ්‍රී ලංකා මුස්ලිම් ජනමාධ්‍යවේදීන්ගේ සංසදයේ සාමාජිකයන්ද ඇතුළු සිවිල් මාධ්‍ය සංවිධාන හා මාධ්‍ය ආයතන නියෝජනය කරමින් පැමිණි පිරිසක්ද මෙම අවස්‌ථාවට සහභාගි වූහ.

Related posts

Leave a Comment