නූගත් දුර්ජනයින්ට හෝ උන්මත්තක කුහහකින්ට මට ඔප්පු කිරීමට කිසිවක් නැත – හරීන්

ආණ්ඩු පක්ෂය විසින් පාර්ලිමේන්තුවේදී තමාට එල්ලකළ අභියෝගයට මුහුණ දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ (23) කොකේන් පරීක්ෂාවක් සඳහා තම මුත්‍රා සාම්පල් ලබා දුන්නා.

මේ වනවිට එම වාර්තාවට අනුව හරීන්ට කොකේන් ශරීරගතවී නොමැති බවට ඔප්පු වී තිබෙනවා.

මෙම පරීක්ෂාවට ලක් වෙමින් ඔහු සිය නිවරදිතාවය ඔප්පු කිරීම සදහා සමාජ මධ්‍ය ඔස්සේ සජීවී විකාශනයක්ද ලබා දුන්නා. එහිදී ඔහු සිය සිය නිල ෆේස්බුක් පිටුයේ ඉතා නිර්භීතව තම නිවරදිභාවට ගැන කියාසිටිමින් සටහන් කර තිබුණේ මෙවැන්නකි.

”සත්‍යවශයෙන්ම මා පරීක්ෂණය සිදුකළේ, මා ගැන සැලකිලිමත් වන සහ මා කෙරෙහි විශ්වාසය තබා ඇති මිනිසුන්ට ඒ විශ්වාසය තවදුරටත් සහතික කිරීමටය. ඒ හැර නූගත් දුර්ජනයින්ට හෝ උන්මත්තක කුහහකින්ට මට ඔප්පු කිරීමට කිසිවක් නැත. මේ මොහොතේ රටේ දහසක් ජාතික ප්‍රශ්න සහ ව්‍යසන වලින් ජනතාව කරවටක් ගිලී සිටින අතර ඔවුන්ට අවශ්‍ය වන්නේ මගේ සෞඛ්‍ය පරීක්ෂණ වාර්තාව නොවේ.”

Related posts

Leave a Comment