රනිල්ගේ සත්‍යග්‍රහයට පාඨලීගේ 43 සේනාංකයත් එක් වේ!

”අඳුරු අනාගතය පහන් කරන්නට” යන තේමාව යටතේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන්

ඊයේ (25) කොළඹ හයිඩ් පිටියෙදී පැවති සත්‍යග්‍රහයට පාඨලී චම්පික මහතාගේ 43 සේනාංකයේ නියෝජිතයින් පිරිසක්ද එක්ව සිටියේය.

එජාප නායක රනිල් වික්‍රමසිංහ විසින් කල ආරාධනයකට අනුව 43 සේනාංකයේ ප්‍රධානින් වන හිටපු රාජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන, නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, එහි මාධ්‍ය අංශයේ ප්‍රධානියකු වන ධනුෂ්ක රාමනායක ඇතුළු නියෝජිතයින් මෙම අවස්ථාවට එක්ව සිටියේ, 43වැනි සේනාංකය විසින් මොරටුව සිට කොළඹ දක්වා සංවිධානය කෙරුණු විරෝධතා පා ගමනින් අනතුරුවය.

කෙසේ වෙතත් 43 වන සේනාංකය හා එක්සත් ජාතික පක්ෂය සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයට හා සමගි ජන බලවේගයේ ගමනට එරෙහිව ඉදිරියේදී සන්ධානගත වීමක් සිදු වනු ඇති බවට දේශපාලන මත පලවෙමින් ඇත. එසේ වුවහොත් සජිත්ගේ නායකත්වය ප්‍රතිෂේප කරන පිරිසක් යලි රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක්වීමට නියමිතව ඇති බවයි කියවෙන්නේ.

මෙම වාර්තා සනාථ කරමින් පසුගියදා මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයාද පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කලේ සජිත් පිලේ දෙනෙක් රනිල් සමඟ එක්වන බවයි.

Related posts

Leave a Comment