දේශපාලන පක්ෂ සිය මැතිවරණ ප්‍රචාරණය හා ජයග්‍රහණය උදෙසා උගත්, බුද්ධිමත් පිරිස දායක කර ගත්ත ද තම අරමුණු ඉටු වූ පසු ඔවුන් අත්හැර දැමීම අවස්ථාවාදී ක්‍රියාවලියක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එම අවස්ථාවාදී ක්‍රියාවලිය සහමුලින්ම බැහැර කරන බව සඳහන් කරන විපක්ෂ නායකවරයා විරුද්ධ පක්ෂයේ සිටියදී සවිබල ගන්වමින් දායකත්වය ලබා ගන්නා බුද්ධිමතුන් ආණ්ඩු පිහිටවූ පසුව ද තමන් ඒ ආකාරයෙන්ම දායක කර ගන්නා බවද ප්‍රකාශ කළේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ සමඟි ජන බලවේගය නියෝජනය කරන වෘත්තීයවේදීන් හා විද්වතුන්ගෙන් සමන්විත බුද්ධි මණ්ඩපය පෙරේදා (23) පිහිට වූ අවස්ථාව අමතමිනි.