විපක්ෂයේ සියලු පක්ෂ පොදු වේදිකාවකට පැමිණිය යුතුයි

පසුගිය පළාත් මහ මැතිවරණයේදී සමඟි ජන බලවේගයට සහාය දුන් පළාත් සභා මන්ත්‍රීවරු රැසක් යළි එජාපයට එක්ව සිටින බවත් ඔවුන්ද සම්බන්ධ කර ගනිමින් පක්ෂය යළි ජයග්‍රාහි ගමනක් ආරම්භ කරන බවත් එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි. පේරාදෙණිය තානායමේදී පෙරේදා (23) පැවැති පක්ෂ ක්‍රියාකාරී හමුවකදී විජයවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේය. තුනෙන් දෙකක බලයක් සහිත බලවත් ආණ්ඩුවක් දැන් රට කරන බැවින් ඔවුන් සමඟ සටන් කරන්නට නම් විපක්ෂයේ සියලු පක්ෂ පොදු වේදිකාවකට පැමිණිය යුතු බවද ඒ මහතා කීය. ආණ්ඩුවට තරඟයක් දීමට නම් පක්ෂ ගණනාවක් ඉදිරියේදී එකතු වීමට අවශ්‍යය යැයි කියන මතයේ තමන් මුල සිටම සිටි බවද නියෝජ්‍ය නායකවරයා පැවසීය.

පර්ලිමේන්තුවේ සිදුවන ක්‍රියාවලිය සෑහෙන කාලයක් පිටත සිට බලා සිටි බවත් එජාපයට හිමි මන්ත්‍රී ධූරයට සුදුසු අයෙකු කඩිනමින් පත් කරන බවත් ඒ මහතා පැවසුවේය.

Related posts

Leave a Comment