ඇමති ගොඩහේවාට වරාය සේවකයෝ හූ කියා පන්නා දමයි

වරාය සේවකයන් විසින් ඊයේ(29) දහවල් සිදු කරන ලද විරෝධතාවය මැද්දට පැමිණි රාජ්‍ය ඇමති නාලක ගොඩහේවාට සහ හිටපු වරාය සභාපති ප‍්‍රියත් බන්දු වික‍්‍රමට දැඩි විරෝධයක් එහිදී එල්ල විය.

විරෝධතාවයේ නියුතු වරාය සේවකයන් ඔවුන් එම ස්ථානයෙන් පිටව යන තෙක්ම හූ තැබීමට කටයුතු කළහ.

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමක ලබාදීමට විරුද්ධව මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණි.

විරෝධතාකරුවන් සදහන් කලේ කොන්දේසි විරහිතය නැගෙනහිර පර්යන්තයේ 100% අයිතිය වරාය අධිකාරිය සතු විය යුතු බවයි.

Related posts

Leave a Comment