වෛරස් රෝග වළක්වා ගැනීම සඳහා ආණ්ඩුව පියවර ගත යුතුයි

කොරෝනා වසංගතය පාලනය කරන ගමන් අනාගතය ගැන සිතා ඉදිරියේදී ඇතිවන වෛරස් රෝග වළක්වා ගැනීම සඳහා ආණ්ඩුව පියවර ගත යුතු බව හිටපු අගමැති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

සෞඛ්‍ය සුරක්ෂිතභාවය ජාතික ආරක්ෂාවේ එක් අංගයක් බවත් දැනට වයස අවුරුදු විස්සක් වන තරුණයකුට සිය ජීවිත කාලයේදී වෛරස් රෝග කීයකට මුහුණ දීමට සිදු වේදැයි සිතිය නොහැකි බවත් අවධාරණය කළ ඒ මහතා අනාගත පරපුර ආරක්ෂා කර ගැනීම සඳහා ගත යුතු පියවර මොනවාදැයි පෙන්වා දුන්නේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ පරපුර තරුණ සංවිධානය විසින් ඊයේ (31) මිරිහානේදී පවත්වනු ලැබූ සංවාද මණ්ඩපයකදීය.

Related posts

Leave a Comment