කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තිය සමිති එකමුතුව හා අග්‍රාමාත්‍යවරයා සමග අද පැවැති සාකච්ඡාවේදී වරාය නැගෙනහිර පර්යන්තය 100%ක් වරාය අධිකාරියට යටතේ ක්‍රියාත්මක කිරීමට කැබිනට් පත්‍රිකාවක් අද දිනයේ ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇති බව ප්‍රකාශ කර තිබේ.
අරලියගහ මන්දිරයේ දී අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග මෙම හමුව පවත්වා ඇති අතර .ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔවුන් මෙය බව හෙළි කර තිබේ..