දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලිගමගේට කොරෝනා

දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලිගමගේ මහතාට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට අද (02)  තහවුරුවී තිබේ.

තම පෞද්ගලික ලේකම්වරයාට  කොරෝනා වෛරසය ආසාදනය විම නිසා තමන් නිරෝධායනය වෙමින් සිටි බවත්   එහිදි සිදුකළ පි.සි.ආර් පරික්ෂණයේ දි  තමන්ට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට  තහවුරුවි ඇති බවත් ඒ මහතා පවසයි.

ඒ අනුව වැඩිදුර ප්‍රතිකාර සදහා ඔහු කොළඹ අයි.ඩි.එච් රෝහල සදහා අද (02) උදැසන පිටත්ව යන බවද පැවසීය.

මිට පෙර ආණ්ඩුකාරතුමාගේ පෞද්ගලික ලේකම්වරයා හා ඔහුගේ රියදුරුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට පි.සි.ආර් පරික්ෂණවලදි තහවුරු වි තිබුණි. 

 ආණ්ඩුකාරතුමා ද ලේකම්වරයාගේ පළමුපෙළ ආශ්‍රිතයකු වන අතර   පළමුපෙළ ආශ්‍රිතයින් 18 දෙනෙකු පි.සි.ආර් පරික්ෂණවලට ලක්කොට ඇති අතර ඔවුන්  18 දෙනාට කොරෝනා වෛරසය ආසාදනය වි නොමැති බවට තහවුරුවි ඇත.

Related posts

Leave a Comment