එදා ජාතික නායකයන් කැපවී උදාකර ගත් නිදහස අද විනාශ වෙලා

මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතා ප්‍රමුඛ ජාතික නායකයන් එදා කැප වී නිදහස උදා කර ගත්ත ද අද රට තුළ අභ්‍යන්තර අධිරාජ්‍යවාදී බලවේගයක් නිර්මාණය වී තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඔහු මේ අදහස් පළ කළේ සත්කාරය ජංගම සේවාව දිවුලපිටිය, කොටදෙණියාව ප්‍රදේශයේ දී පෙරේදා (01) පැවති අවස්ථාවේදීය.

එදවස නිදහස ලබා ගැනීමට කටයුතු කළ නායකයන් කිසිවිටෙක තනි බලයක් අපේක්ෂා නොකළ බවත්, සියලු නායකයන්ගේ අදහස වූයේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකට බලය ක්‍රියාත්මක කිරීම පමණක් බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

රාජ්‍ය පාලනය දේශපාලනීකරණය වී, මාධ්‍ය නිදහසට තර්ජන එල්ල වනවා නම් රට තුළ සැබෑ නිදහස උදා වී තිබෙනවාද කියා නැවත සිතා බැලිය යුතු බව ද ඔහු ප්‍රකාශ කළේය.

Related posts

Leave a Comment