නිකන් බලාගෙන හිටියා කියලා කොරෝනා පාලනය වෙන්නේ නෑ – දැන්වත් අවධානම ගැන ඇත්ත කියන්න – GMOA

මෙරට පළමු සෞඛ්‍ය වෘත්තික කොවිඩ් 19 මරණය ඊයේ (02) දින කරාපිටිය ශික්ෂණ රෝහලෙන් වාර්තා වී තිබෙන අතර එලෙස මිය ගොස් තිබෙන වෛද්‍ය ගයාන් දන්තනාරායනගේ මරණය වැනි මරණ මෙන්ම සෙසු මරණද ඉදිරියේදී වළක්වා ගැනීම සඳහා බලධාරීන්  අවශ්‍ය මැදිහත්වීම කාර්යක්ෂමව කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.

මෙම රෝගයේ ව්‍යාප්තිය පාලනය කරගැනීමට ඉතා කාර්යක්ෂම වී යුතු බව  එම සංගමය අවධාරණය කරයි.

මිය ගිය වෛද්‍යවරයාගේ ජීවිතය බේරා ගැනීම සඳහා බාහිරින් ලැබිය යුතු සියලුම සහයන් ලැබී තිබියදී ඔහු කොවිඩ් 19 හමුවේ පරාජය වී ඇති බවත් අවධානම කනට ඇසෙනාවට වඩා පෙනෙන්නට තිබිය යුතු හෙයින් වත්මන් තත්ත්වය නිවැරදි ලෙස ජනතාවට සන්නිවේදනය කළ යුතු බව හරිත අළුත්ගේ කියා සිටී.

වෛද්‍ය ගයාන්ගේ මරණයෙන් සෞඛ්‍ය වෘත්තියකයන් අතර යම් තිගැස්මක් ඇති වී තිබෙන බවත් හෙතෙම පෙන්වා දෙයි.

තවදුරටත් මෙම රෝග ව්‍යාප්තිය පාලනය කරගැනීමේ හැකියාව අප සතුව පවතින නමුත් එය නිකන් බලාහිඳීමෙන් සිදුනොවන හෙයින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතු බව වෛද්‍ය හරිත අළුත්ගේ මහතා අවධාරණය කරයි.

ඊයේ (02) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටි අතර වැඩිදුරටත් කියා සිටියේ විශේෂයෙන් ජනතාවට අවදානම නිසි ලෙස සන්නිවේදනය විය යුතු බවයි. 

Related posts

Leave a Comment