අපේ හිටපු නායකයන් තමයි මේ වරාය දියුණු කළේ – රාජපක්ෂවරුන් බලයේ සිටින විට ලාභ ලබන ආයතන විකුණනවා

මේ ආණ්ඩුව එදා නම් කිව්වේ මේ රටේ කිසිම දෙයක් විකුණන්නේ නෑ කියලායි. නමුත් බලයට ආ පසුව කරන්නේ වෙන දෙයක්.සමගි ජන බලවේගය ලෙස අපේ පක්ෂය  නැගෙනහිර ජැටිය බේරා ගැනීමේ සටනට සහාය දුන්නා. අපිට වෘත්තීය සමිති  23 ක් තිබෙනවා. එයින් වරායේ වෘත්තීය සමිතිය ප‍්‍රබලම වෘත්තීය සමිතියක්.
 
 අපේ හිටපු නායකයන් තමයි මේ වරාය මේ තරම් දියුණු කළේ. අපේ හිටපු නායකයන් දියුණු කරපු වරාය තමයි මේ අය දැන් විකුණන්නේ. මැතිවරණවලදී නම් කියනවා විකුණන්නේ නෑ කියලා. විකුණන්නේ නෑ කියලා බලයට ආපු අය දැන් නැගෙනහිර ජැටිය නොවෙයි දැන් බටහිර ජැටිය විකුණන්න යනවා. මේ ආණ්ඩුව දැනගන්න ඕනා තුනෙන් දෙකේ බලයට වැඩිය ජනතා මතය ප‍්‍රබලයි කියලා. විශේෂයෙන්ම වෘත්තීය සමිති ඒ බව ඔප්පු කළා. අපි වෘත්තීය සමිතිවලට අපේ පක්ෂයේ ප‍්‍රණාමය පුද කරනවා. මේ අය අපිට තමයි චෝදනා කරන්නේ රජයේ දේපළ අපි විකුණනවා කියලා. එදා ටෙලිකොම් එක විකුණුවා. මේ විදිහට රාජ්‍ය දේපළ වැඩියෙන්ම විකුණපු පක්ෂයේ අය තමයි අද බලය හොබවන්නේ. ජනාධිපති එකක් කියනවා. අගමැති තව එකක් කියනවා. නැගෙනහිර විකුණන්නේ නෑ කියලා බටහිර විකුණන්න යනවා. මේ ආණ්ඩුවේ නායකයන්ට බරපතළ චෝදනා තිබෙනවා. කොමිස් ගත්තු නායකයෝ තමයි ඉන්නේ. පොදු දේපළ විකුණන්නේ නෑ කියලා බලයට ඇවිත් ඒ අය තමන්ගේ සාක්කු පුරවගන්නවා. ඒ විතරක් නොවෙයි මේ රටේ වතු ටික ඔක්කොම විකුණුවා. අක්කර ලක්ෂ හයක් විකුණුවා. මේ අයට හොඳ විකිණීමේ අතීතයක් තිබෙනවා. හමුදා මූලස්ථානය විකුණුවා. මේ ඊයේ පෙරේදා කොළඹ අක්කර තුනක් විකුණුවා ෂැංගි‍්‍රලා ආයතනයට
 
 කොළඹ වරාය, රක්ෂණය, ටෙලිකොම් එක ලාභ ලබපු ආයතන. ඒවා තමයි මේ අය විකුණන්නේ. හම්බන්තොට පාඩුවටයි දිව්වේ. පාඩු ලබපු ආයතන ලාභ ලබපු ආයතන බවට පත් කළේ අපේ ආණ්ඩුවයි. මේ අය කරන්නේ අපි ලාභ ලබන තත්ත්වයට පත් කළ ආයතන විකුණනවා. අපි කිසි දෙයක් විකුණුවේ නෑ. ණය අරගෙන සින්න වෙන්න ගිය ආයතන අපි බද්ද දීර්ඝ කර ගන්න කටයුතු කරලා තිබෙනවා පමණයි.
 
 සමගි ජන බලවේගය ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්ෂ්මන් කිරිඇල්ල මහතා –
 
 2015 ට පෙර පැවැති මහින්ද රාජපක්ෂ මහතාගේ සමයේ අනුගමනය කරනු ලැබූ වැරදි රාජ්‍ය ප‍්‍රතිපත්තිය හේතුවෙන් සුපිරි බලවතුන්ගේ පොර පිටියක් බවට මේ රට පත් වෙලා තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතාට පෙර මේ රටේ රාජ්‍ය නායකයෝ 11 දෙනෙක් හිටියා. ඒ එකම නායකයෙක් වත් අපේ රට ලෝකයේ සිටින සුපිරි බලවතුන්ගේ ග‍්‍රහණයට හසුනොවී කටයුතු කළා. අපේ ආසන්නතම බලවතා තමයි ඉන්දියාව. ඉන්දියාවට විවිධ ප‍්‍රශ්න තිබුණා ඊට ඉහළින් තිබුණු රටවල් වලින්. නමුත් ඊට පහළින් තිබෙන රටවල් වලින් ඒ අයට ප‍්‍රශ්නයක් ඇති වුණේ නෑ. නමුත් මහින්ද රාජපක්ෂ මහතා බලයට ආපසුව චීනය ලංකර ගැනීම සහ අසීමිත ලෙස ණය අරගෙන ඒ ණය ගෙවන්න බැරිව අපේ සම්පත් චීනයට දෙනවිට ඉන්දියාවට මේක තර්ජනයක් වෙලා තිබෙනවා.
 
 ශී‍්‍ර ලංකාවේ හිටිය කිසිම රාජ්‍ය නායකයෙක් මේ දේ කළේ නෑ. නමුත් දැන් බලන්න මේ නැගෙනහිර පර්යන්තයේ ප‍්‍රශ්නය. බලන්න තව ටික දවසකින් තව වරායක් ඉල්ලයි. චීනයෙන් ණය ගත්තා. ඒ කම්කරුවන්ම දාලා වැඩ ගත්තා. ඒ ආදායමත් චීනයට ගියා. හදපු දේවල්වලිනුත් ආදායමක් නෑ. අපි මේ වනවිට අරගෙන තිබෙන ණය වලින් සියයට 60ක් චීනය හවුල් කරගෙන කර තිබෙන ව්‍යාපෘති වලට වැය වෙලා තිබෙන්නේ.
 
 වරායේ ප‍්‍රශ්නයේදී දැන් ඉන්දියාව කියනවා කලින් අත්සන් කරපු ගිවිසුම අනුව කි‍්‍රයාත්මක වෙන්නලූ. ඉන්දියාව සහ ජපානය සමග මේ සඳහා ගිවිසුම් ගතවෙලා තිබෙනවා. කළමනාකාරීත්වය සම්බන්ධයෙන් තමයි 2019 මැයි මාසයේ එක`ගතාවයක් ඇති වුණේ. දැන් ආණ්ඩුව පඹ ගාලක පැටලිලා ඉන්නවා. බටහිර පර්යන්තය ගැන තත්ත්වය මොනවා වෙයිද කියලා අපිට කියන්න බෑ.

Related posts

Leave a Comment