වහා බලය බෙදනු – ඉන්දියාව කියයි

දහතුන්වන සංශෝධනය මගින් පිහිටවන ලද පළාත් සභා ක්‍රමය ඒ සඳහා පදනම් කර ගනිමින් ශ්‍රී ලංකාව තුළ සමානාත්මතාව සහ සාමය ආරක්ෂා වන ලෙස බලය බෙදීමේ වැඩපිළිවෙලක් වහාම ක්‍රියාත්මක විය යුතු බව ඉන්දීය විදේශ ඇමති ආර්. ජයශංකර් පවසයි.

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටු වන්නේ බලය බෙදීමෙන් පමණක් බව පවසා ඇති ඔහු තමන් ඒ ගැන පසුගිය ශ්‍රී ලංකා සංචාරයේදී ශ‍්‍රී ලංකා නායකයන් වෙත අවධාරණය කළ බවද පැවසීය.

ඒ සඳහා ඉන්දියාව තම උපරිම සහාය දක්වන බවද ඔහු පැවසීය ..විදේශ අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ ඉන්දීය පාර්ලිමේන්තුව අමතමිනි.

Related posts

Leave a Comment