ආණ්ඩුවේ පටු අරමුණු වෙනුවෙන් ජාතික ධයජ වෙනස් කරන්න යනවා – රුවන් විජයවර්ධන

වත්මන් රජය මේ වන විට සිදුකරමින් සිටින්නේ එදා බ්‍රිතාන්‍ය විසින් සිදුකරන ලද ජාතින් අතර බෙදීමක් ඇති කිරීම බවත් මේ වනවිට ජාතින් අතර බෙදීමක් මෙන්ම ජාතින් අතර සැකයක් මතුව තිබෙන බවත් එක්සත් ජාතික පක්ෂය පවසයි.

ජාතික ධජය වෙනස් කළ යුතු බවට ජනතාවගෙන් කිසිදු ඉල්ලීමක් ඉදිරිපත් වී නොමැති අවස්ථාවක පටු අරමුණු වෙනුවෙන් ජාතික ධජය වෙනස් කිරීමට ආණ්ඩුව දරන උත්සහය කණගාටුදායක බව එම පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන පවසයි.

ජාතික ධජයේ සිංහයාගේ සංකේතයේ යම් සංශෝධනයක් කිරීමට රජය අපේක්ෂා කරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න කර තිබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

මෙවැනි දේ තුළින් රටක් ලෙස ඉදිරියට යා නොහැකි බව වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පෙන්වා දෙයි.

Related posts

Leave a Comment