රුපියල් 1000 ඉල්ලා වතු කම්කරුවෝ හර්තාල්

වතු කම්කරුවන්ගේ දෛනික මුලික වැටුප රුපියල්  දහස දක්වා වැඩි කරන ලෙසට වතු සමාගම්වලට බල කරමින් අද (05දා)  වතුකරය පුරා හර්තාල් ව්‍යාපාරයක්  ලංකා කම්කරු කොන්ග්‍රසය ආරම්භ කර ඇත.
ඒ අනුව වතුකරය පුරා වතු කම්කරුවෝ අද  දෛනික වැඩ කටයුතු වලින් ඉවත් වී සිටිති.
 හැටන් ,බගවන්තලාව , නොර්වුඩ් , මස්කෙලිය , කොටගල , තලවකැලේ ඇතුළු වතුකරයේ නගර වල වෙළෙද සංගම් ද මෙම හර්තාල් ව්‍යාපාරයට සමගාමීව සියළුම වෙළෙඳසැල් ද අද දින වසා දමා සහයෝගය දැක්විමට එක්ව සිටිති.

Related posts

Leave a Comment