යුක්රේන සංචාරකයන් සමග උදයංග වීරතුංග නිදහස් දිනය සමරයි

ශ්‍රී ලංකාවේ 73 වැනි ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව බෙන්තොට ටාජ් (Bantota Taj) හෝටලයේ ඊයේ (04) සංවිධානය කර තිබූ නිදහස් දින උත්සවයට සහභාගී වෙමින්, යුක්රේනියානු සංචාරකයන්ගේ අත්දැකීම් බෙදා ගැනීමට උදයංග වීරතුංග මහතා කටයුතු කර තිබුණා.

අපි ශ්‍රී ලාංකිකයන්ට පෙන්වන්නේ මේ සංචාරකයෝ 99.99% ක් කිසිම කොරෝනා ආසාදිතයන් නෙවේ කියලා.දැනට ලංකාවට ඇවිල්ලා තියෙන 2248 න් කොරෝනා ආසාදිතයෝ කියලා අපි හඳුනාගෙන තියෙන්නේ 4 දෙනෙක් පමණයි. ඒ කියන්නේ 0.002 %ක් යැයි රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ඊයේ (04) අලුත්ගම සෙන්ටාරා හෝටලයේ පැවති නිදහස් දින සැමරුම් උළෙල අමතමින් පැවසීය .

යුක්රේන විදෙස් සංචාරකයන් සියයකට වැඩි පිරිසක් මෙම නිදහස් උළෙල දැක බලා ගැනීමට එළිමහන් පරිශ්‍රයට එක්වී සිටි අතර එම සංචාරක හෝටලය සංවිධානය කර තිබූ නිදහස් උළෙලෙහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් උදයංග වීරතුංග එක්වීය .

Related posts

Leave a Comment