වීරවංශට තියෙන්නේ අංශභාග දේශප්‍රේමීත්වයක් – චමීර පෙරේරා

රජය විසින් සිය ඡන්ද දායකයන් යොදා ගනිමින් බටහිර පර්යන්තය ඉන්දියාවට විකිණීම සාධාරණීකරණය කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවට චමීර පෙරේරා චෝදනා කරයි.

පසුගියදා පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා පෙන්වා දෙන්නේ 69 ලක්ෂයක් ජනතාව ඊට කැමැත්ත පළ කර ඇති බවට ප්‍රචාරයක් රජය විසින් ගෙන යන බවයි.

“දැන් ඔය 69 ලක්ෂයේ ජනතාව ඇවිත් කිව්වද අනේ ගම්මන්පිළ මහත්තයෝ, අනේ වීරවංශ මහත්තයෝ, අනේ ජනාධිපති තුමණි කොහොම හරි බටහිර විකුණන්න කියලා? මේක 69 ලක්ෂය කියපු දෙයක් නෙවෙයි නේ. ඕක දාගෙත්තෙත් තමුන්නැහෙලමයි. දැන් විකුණන්න ඕන උනාම, කාව හරි සතුටු කරන්න ඕන උනාම 69 ලක්ෂ පිටින් යනවා. අන්තිමේදී 69 ලක්ෂෙ තමා පළි.

සර්ට මේක දීගන්න බැරුව ඇඹරි ඇඹරි ඉන්නකොට මෙන්න ඉස්සරහට ඇවිත් කියනවා මේ පොතේ තියෙනවා බටහිර විකුණන්න පුළුවන් කියලා ඒකට 69 ලක්ෂයක ඡන්දයක් ලැබිලා තියෙනවා කියලා. දැන් 69 ලක්ෂෙ කියපු විදිහට වැඩ වෙලා තියෙනවද? ජනතාවගේ අවශ්‍යතා ටික ඉටු කරා වගේ සෞභාග්‍යයේ දැක්ම අරන් ඇවිත් පෙන්නනවා.” යැයි ඒ මහතා පවසයි.

නැගෙනහිර නොමැතිව බටහිර ජැටිය ඉන්දියාවට දෙන්න යැයි පවසන අමාත්‍ය විමල් වීරවංශට ඇත්තේ අංශභාග දේශප්‍රේමීත්වයක් බවටත් ඒ මහතා චෝදනා කර සිටිනවා.

“නැගෙනහිර කෑල්ලට විතරයි දේශප්‍රේමය. බටහිර කෑල්ලට නෑ. මේකට කියන්නේ අංශභාග දේශප්‍රේමය. වරාය කියන්නේ වෙළඳාම් කරන්න විතරක් තියෙන එකක් නෙවෙයි. වරාය කියන්නේ රටක ස්වාධීනත්වය, ස්වාධිපත්‍යය පෙන්වන දෙයක්. වරාය දෙනවා කියන්නේ දේශපාලන ප්‍රශ්නයක්. ඒක වාණිජ ගැටළුවක් නෙවෙයි. මේ අංශභාග දේශප්‍රේමීන්ට ඒක පේන්නෑ” යැයි ඔහු වැඩිදුරටත් චෝදනා කර සිටියි.

Related posts

Leave a Comment