අලුත්ම සන්ධානය ”සජස”

සමග ජනතා සන්ධානය නමින් නව දේශපාලන සන්ධානය ලඟදිම නිල වශයෙන් ස්ථාපිත කිරීමට තීරණය කෙරුණු බව එම ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රි මනෝ ගනේෂන් පවසයි.

සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා හා මනෝ ගනේෂන් මහතා අතර විපක්ෂ නායක කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන ඇත.

මනෝ ගනේෂන් පැවසුවේ සමගි ජනබලවේගයේ මුල් කර ගනිමින් ගොඩ නැගීමට යෝජිත නව පුළුල් දේශපාලන සන්ධානය ව්‍යවස්ථාව කඩිනමින් සකස්කර සකස් කර අවසන් කිරීමෙන් පසු මෙම මාසය ඇතුළත නව සන්ධානය ස්ථාපිත කිරීමට තීරණය කෙරුණු බවයි.

දෙමළ ප්‍රගතිශීලී සන්ධානය නව සන්ධානය ප්‍රධාන පාර්ශවයක් ලෙස කටයුතු කරනු ඇති බවද ඔහු පවසයි.

එළැඹෙන පළාත් සභා මැතිවරණයට මුහුණ දෙන්නේ කෙසේද රටේ වත්මන් දේශපාලන වාතාවරණය පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු බව මනෝ ගනේෂන් වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

Leave a Comment