රාජපක්ෂ පුත්‍රයෙක් රුපියල් මිලියන 600ක් අල්ලස් අරන් – රාජිත

රාජපක්ෂ පුත්‍රයෙකුට රුපියල් මිලියන 600ක් අල්ලසක් ලබාදී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

දුම්වැටි සඳහා ලංකා බැංකුවෙන් ණය මුදලක් ලබා ගත් ව්‍යාපාරිකයෙකු විසින් මෙම අල්ලස් මුදල ලබා දී ඇතැයි හෙතෙම පවසයි.

ඔහු අග්‍රාමාත්‍යවරයාගේ පුත්‍රයෙකු වන බවද ඒ මහතා පැවසීය.

අයවැයෙන් දුම්වැටි මිල ඉහළ යාවියැයි වේලාසන ලංකා බැංකුවෙන් ණයක් ගෙන සිගරට් ගබඩා කරගත් නමුත් ඉහල මට්ටමේ පවතින බල අරගලයක් හේතුවෙන් දුම්වැටි මිල ඉහළ නොගිය බව ද ඔහු කීය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කර තිබේ.

Related posts

Leave a Comment