තායිලන්තයේදී කරපු දේවල් මගෙන් අහගන්න එපා – ඇමති බන්දුලට කිරිඇල්ල කියයි

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා හා ඇමති අතර පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇති විය

සීනි රුපියල් 99ට ලබා දෙන බවට බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා කළ ප්‍රකාශයක් මුල්කොට ගෙන මෙම උණුසුම්කාරී තත්වය ඇති විය.

සීනිවල පාලන මිල රුපියල් 99 ක් නොව රුපියල් 88ක් බවට ගැසට් කර තිබෙන බැවින් රුපියල් 99 ට දෙන්නේ ඇයි දැයි කිරිඇල්ල මහතා අමාත්‍යවරයාගෙන් විමසා සිටියේය

ඉන් පසු දෙදෙනා අතර වචන හුවමාරුවක් සිදු වූ අතර එහිදී ගුණවර්ධන මහතා සඳහන් කළේ හන්තානේ අක්කර ගණන් ඉඩම් හොරෙන් අල්ලගත්ත ආකාරය ගැන අසා නොගන්නා ලෙසත් තමා සිතා සිටියේ කිරිඇල්ල මහතා උගත් නීතිඥයෙක් බවත් එහෙත් හැසිරෙන්නේ දේශපාලන බබෙක් ලෙස බවත්ය.

තමා වැදගත් මහත්තයෙකුට කියා දෙන ආකාරයට මේ ගැන කිරිඇල්ල මහතාට කියා දුන් බවත් මොකෙක් උනත් කිරිඇල්ල මහතා නීතිඥයෙක් බවත් ගුණවර්ධන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

ඊට පිළිතුරු දෙමින් කිරිඇල්ල මහතා සඳහන් කළේ තායිලන්තයේදී ගුණවර්ධන මහතා කළ දේවල් තමන්ගෙන් අසා නොගන්නා ලෙසත් තමා ඇසූ ප්‍රශ්නයට ඔය හැටි කේන්ති යන්නේ ඇයිද යන්නත්ය.

Related posts

Leave a Comment