ශිෂ්ටසම්පන්න දේශයක් ගොඩ නැගීම වෙනුවෙන් සමගි ජනබලවේගය කැපවනවා

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සමගි ජන බලවේගයේ ආසන සංවිධායක පත්වීම් ප්‍රධානය කිරීම පෙරේදා (08) සිදු කෙරිණි.

එහිදී සියලුම සංවිධායකයින්ට වගකීම් පවරා ඇති බවත්, ඒ වගකීම් ඉටු කිරීමට සියලු සංවිධායකයින් කටයුතු කළයුතු බවත්, එසේ නොකරන සංවිධායකයින් පිළිබඳව තීන්දු ගන්නට පැකිලෙන්නේ නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේගයේ ආසන සංවිධායක පත්වීම් ප්‍රධානය කිරීමට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

ජාති, ආගම්, කුල භේද වලින් තොරව නවීන ශිෂ්ටසම්පන්න දේශයක් ගොඩ නැගීම වෙනුවෙන් සමගි ජනබලවේගය කැපවන බවත් දහසක් ප්‍රශ්න වලින් පීඩා විදින ජනතාව වෙනුවෙන් සමගි ජනබලවේගය කොන්දේසි විරහිතව පෙනී සිටින බවත් ඒ මහතා පැවසීය.

දක්ෂ, කාර්‍යක්ෂම විශාල පිරිසක් සමගි ජන බලවේගය සමග එක්ව කටයුතු කරන බවත් ඉතා කෙටි කලකින් සිය බලවේගය මෙරට ප්‍රමුඛතම දේශපාලන ප්‍රවාහය බවට පත්ව ඇති බවත් හෙතෙම පැවසීය.

Related posts

Leave a Comment