අගමැතිතුමා නැගිටලා කිව්වා භූමදානයට අවසර දෙනවා කියලා – මරික්කාර්

කොවීඩ්  මරණ භූමදානය කිරීම සඳහා අගමැතිතුමාගේ ප්‍රකාශය ලබන 22 දිනට කලින් ගැසට් එකක් ගසා නීත්‍යනුකුල කරන ලෙසට ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගය මාධ්‍ය ප්‍රකාශක  පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්.මරික්කාර් මහතා කොළඹදී පැවසීය.

කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා මෙසේද කීවේය .

“ශ්‍රී ලාංකික සියලුම දෙනාට මානව අයිතිවාසිකම් වලින් පිරිපුන් ජීවිතයක් ගත කිරීමේ නිදහස තිබිය යුතු බව සමගි ජන බලවේගයේ අපි විශ්වාස කරනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ වලට පටහැනිව විද්‍යාත්මක හේතුන් වලින් තොරව මිත්‍යාව පදනම් කරගෙන රජය කෝවිඩ් මළ සිරුරු  ආදාහනය කිරීම ගැන සමගි ජන බලවේගය අපි සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් සටන් කරා. 
ජලයෙන් කොවීඩ්  පැතිරෙන්නේ නැහැ කියලා කෝවිඩ් භාර රාජ්‍ය අමාත්‍ය  වෛද්‍ය සුදර්ශනී මහත්මිය ප්‍රකාශ කරා. කෝවිඩ් හැදෙන නිසා මුඛ ආවරණ පළඳිනවා. නමුත් මුඛ ආවරණ කවදාවත් පුච්චලා නැහැ.  එය නිවාස වල කුණු සමඟ එළියට යනවා.
 

ජලයෙන් පැතිරෙන්නේ නැත්නම් ඇයි භූමදානයට අවසර නොදෙන්නේ කියලා මම පාර්ලිමේන්තු⁣විදී අග්‍රාමාත්‍ය තුමාගෙන් අසා සිටියා. අගමැතිතුමා  නැගිට කිව්වා භූමදානයට අවසර දෙනවා කියලා. 

දැන් ජිනීවා මානවහිමිකම් කොමිසම එනවා. ආණ්ඩුවේ ගොන් තකතීරු උදච්ච වැඩ නිසා එය හිරවෙලා. අපිට දේශපාලනයට වඩා ප්‍රමුඛ රටයි. එම නිසා ජිනීවා මානව හිමිකම් කොමිසමේදී බේරෙන්න ඕනේ අපේ රට. එය කර හැක්කේ පහුගිය කාලෙත් බේරුණේ මැදපෙරදිග ඡන්ද උපකාරය අපට ලැබුණු නිසයි. 

මේ කොරෝනා මෘත දේහ භූමදානයට අවසර ලබා දීමේ ප්‍රකාශය ජිනීවා මානව හිමිකම් මැදපෙරදිග ඡන්ද ලබා ගැනීමට කල ගුන්ඩුවක් කරන්න ඉඩ දෙන්න බෑ. පාකිස්තාන් අගමැති ඉම්රාන් ඛාන් මෙරට පාර්ලිමේන්තුව අමතන්න සූදානම්. එතුමා ඇවිත් යනකන් විතරක්  මෙයට ඉඩ දීමක් වෙන්න ⁣බෑ. මොකද මෙය දැන් ජාත්‍යන්තරයට ගිහින් ඉවරයි. ලෝකයේ රටවල් ගණනාවක නායකයින් සමඟ අපේ අය ටිවිටර් හරහා පණිවිඩ යවා ඉවරයි. අගමැතිතුමාගේ ප්‍රකාශය ජෝක් එක්ක කරන්න දෙන්න එපා කියලා මේ අවස්ථාවේ කියනවා. ඒ වගේම ඉම්රාන් ඛාන් එන නිසා කිව්ව එකක් වෙන්න බැහැ. 22 දිනට කලින් ගැසට් එක ගහලා මෙය ඉවර කරන්න කියලා අපි කියනවා.

මෙය ආගමික දේශපාලන ප්‍රශ්නයක් කරන්න එපා. කතෝලික මුස්ලිම් බුද්ධාගම සියලු ආගම් වල මූලික මිනිස් අයිති වලට ගරු කරමින් ලබා දුන් තීන්දුව ගැසට් කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා .

නොමේරු අත  දරුවො මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා ඒ අලුත් අයයි. මහින්ද රාජපක්ෂ මහතා උත්තර දුන්නේ දැනගෙන එතුමා දන්නවා ජිනීවා මානව හිමිකම් ප්‍රශ්න එන බව. මහින්ද මහත්තයාට මෙය පිලිතුරු දෙන්න වුනේ විපක්ෂනායක වරයා දිගින් දිගටම මේ වෙනුවෙන් හඩ නැගූ නිසයි. සියලු ආගම් ජාතීන්ට ගරු කරන නායකයෙක් අපට ඉන්නවා. දැන් ජිනීවා මානවහිමිකම් කොමිසම එද්දී ආණ්ඩුව පොෂ් වෙන්න හදනවා. ජනතාවගේ සැබෑ ප්‍රශ්න හදුනාගෙන ඒ සදහා අවධානය යොමු කර යුතුයි” යයිද ඔහු එහිදී පැවසීය.

Related posts

Leave a Comment