යළි කිසිදු මැතිවරණයකට ඉදිරිපත් වන්නේ නැහැ – කරු කියයි

තමන් යළි කිසිදු මැතිවරණයකට ඉදිරිපත් නොවන බව හිටපු කථානායක කරු ජයසූරිය පවසයි.

කොළඹ ජානකී හෝටලයේ දී සාධාරණ සමාජයක් ජාතික ව්‍යාපාරය පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

මෙ සාකච්ඡාවට සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ ක්‍රියාකාරීන්, සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයන් මෙන්ම සමාජ ක්‍රියාකාරීන්ද එක්ව සිටියහ.

රජය විසින් ගනු ලබන ඇතැම් වැරැදි තීන්දු සම්බන්ධයෙන් පොදු වේදිකාවකදී ජනතාව දැනුවත් කිරීමට මෙහි දී යෝජනා කර ඇති අතර ඒ සඳහා සියලු දේශපාලන පක්ෂ සිවිල් සංවිධානවලට ආරාධනා කරන බව පැවැසූ හිටපු කථානායකවරයා තමන් යළි කිසිදු මැතිවරණයකට ඉදිරිපත් නොවන බවද එහිදී අවධාරණය කර ඇත.

Related posts

Leave a Comment