අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කොරෝනා මෘත දේහ භූමිදාන කළ හැකි බවට කළ ප්‍රකාශය අභිබවා යමින් ආණ්ඩුවේ පිරිස් පරස්පර ප්‍රකාශ කරන්නේ කුමන පදනමකින්දැයි සමගි ජන බලවේගය ප්‍රශ්න කර සිටී.
ඊයේ(13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එම් වේලුකුමාර් මහතා විපක්ෂ නායක කාර්යාලයේ කියා සිටියේ අග්‍රාමාත්‍යවරයාට තීන්දු තීරණ ගැනිමට කිසිදු බලයක් නොමැති තත්වයක් උද්ගතව ඇතැයි පෙනී යන බවයි.
කොන්ද කෙලින් තියෙන රියල් නියම නායකයෙක් රටට ලබාදෙන බව පවසා බලයට පැමිණියත් දැන් සර්ට නායකත්වය ගන්න කණ්ඩායම් සාදා ඇතිබව පෙනෙන්නට තිබෙන බව ඒ මහතා මෙහිදී පැවසීය.