වීරවංශ – පොහොට්ටු ගැටුම ටෙලිනාට්‍යයක පිටපතක්

‘විමල් වීරවංශගේ ප‍්‍රශ්නය ඇවිලූවේ මේ ආණ්ඩුවේම ඉන්න ප‍්‍රබල චරිතයක්. කොහොම වුණත් ඔය දෙපැත්තම තව සුමානයක් යනකොට නිශ්ශබ්ද වෙනවා’’ යැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර අශෝක් අබේසිංහ මහතා පුවත්පතකට පවසා තිබේ.
 
 සත්‍ය වශයෙන්ම මෙය ටෙලිනාට්‍යයක තිර පිටපතක් බව ද හෙතෙම කීය.
 
 මෙහිදී තවදුරටත් කතා කළ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයා මෙසේ ද කීය.
 
 මේ ගින්න ඇවිලූවේ ආණ්ඩුවේ ප‍්‍රබල චරිතයක්. දැන් විමල් වීරවංශයි, පසුපෙළ මන්තී‍්‍රවරුයි වාග් ප‍්‍රහාර එල්ල කර ගන්නවා. ඇත්තටම මේක ටෙලිනාට්‍යයක පිටපතක්. මේ කරන්නේ රටේ ප‍්‍රශ්න ජනතාවට අමතක කරන්නයි. බඩු මිල අහස උසට නැගලා ඒ ප‍්‍රශ්නය. එතකොට කොරෝනා ප‍්‍රශ්නය, ආර්ථික ප‍්‍රශ්න මෙන්න මේවා ජනතාවට අමතක කරවන්න දාපු අලූත්ම නාට්‍යය තමයි මේ දවස්වල ප‍්‍රචාරය වෙන්නේ. මේක සුමානයක් විතර මේ දෙගොල්ලන්ම ඇදගෙන යාවි.
 
 2015 දී අපේ ආණ්ඩුව නැති වුණේ මහ බැංකු කොල්ලය නිසයි. දැන් මේ ආණ්ඩුව නැති වෙන්නේ ඒ අය කරන වැරදි වැඩ නිසයි.
 
 අනිත් එක අර රසායනාගාර ශිල්පීන්ගේ සංගමයේ රවි කුමුදේශ් මහත්තයා කියනවා කොරෝනා ආසාදිතයින් 76,000 කට වැඩියෙන් ඉන්නවා කියලා. නමුත් මේ ආණ්ඩුව කියන්නේ ආසාදිතයෝ 73,0000 යි ඉන්නේ කියලා. එතකොට ආසාදිතයෝ හාරපන්දහසක් ආගිය අතක් නැහැනේ. කොරෝනාවලිනුත් මේ ආණ්ඩුව බොරුව කරන්නේ.

Related posts

Leave a Comment