කොරෝනා වෛරසයට එරෙහි එන්නතක් මීට මාස තුනකට පෙර ශ්රී ලංකාවට ගෙනැවිත් ඇති බවට කරුණු අනාවරණය වෙමින් පවතින බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසයි.
ඔහු ප්රකාශ කලේ අදාළ එන්නත කවුරුන් විසින් කුමන රටකින් රැගෙන එන ලද්දේ ද යන්න පිළිබඳව ඔවුන් තොරතුරු රැස්කරමින් සිටින බවයි.
එලෙස ගෙන්වාගෙන ඇති බව කියන එන්නත් ඉහළ පෙළේ පුද්ගලයන් කිහිප දෙනෙකුට ලබා දී ඇතැයි වාර්තා වී ඇති බවද හෙතෙම පෙන්වා දෙයි.
ඉදිරියේදී මේ සම්බන්ධයෙන් හෙළිදරව්වක් කිරීමට පියවර ගන්නා බවත් ඔහු පැවසීය.