මැති ඇමති පවුල්වල අයට හොරෙන් එන්නත විදලා – හේෂා විතානගේ

කැබිනට් ඇමතිවරුන් සහ ඔවුන්ගේ පවුල්වලට හොර රහසේ කොරෝනා එන්නත එන්නත් කරමින් ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එන්නත ලබා දෙන බව පෙන්නුවද ඔවුන්ගේ පවුල්වලටද එය ලබාදෙමින් ඇතැයි තොරතුරු ඇති බවත් ඔහු සඳහන් කරයි.

මෙරට අවසන් පුරවැසියාටද එන්නත ලබාදෙන තුරු තමන් එන්නත් ලබාගැනීමක් සිදු නොකරන බවද ඔහු සඳහන් කළේය.

ඔහු මේ බව සඳහන් කළේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

Related posts

Leave a Comment