වංගු ගහන්න එපා, නිර්භීතව මුහුණට මුහුණ දේශපාලනය කරන්න එන්න – පාඨලී ආණ්ඩුවට කියයි

දේශපාලන පළි ගැනීම් පිළිබඳව සෙවීමේ කොමිසමිසන් සභා වාර්තාව පසුගිය ජනවාරි 15 වනදා ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවත් මෙම කොමිසන් සභා වාර්තාව ගැන තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඉල්ලුවාම ලබා දී ඇති පිළිතුර වන්නේ තාම එය නිළි වශයෙන් නිකුත් කර නොමැති බව යැයි පැවසීම බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා පවසයි.

ජනාධිපතිවරයා විසින් ජනවාරි 15 වනදා සභා ගත කරන ලද එම වාර්තාවේ නිර්දේශ පිළිබඳව සොයා බැලීමට තවත් කොමිසමක් ජනවාරි 29 වනදා පත් කළ බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. එමගින්ද දැනට නිල නොලත් වාර්තාවක් එළි දක්වා ඇති බවත් එයට වැරදියි යැයි ආණ්ඩුව මේ වනතෙක් පිළි ගෙන නෙමැති බවත් ඒ මහතා සඳහන් කරයි.

නීත්‍යානුකූලව සහ දේශපාලනිකව බලනවිට තමන්ට මේ ර‍ෙට් ආර්ථිකය පාලනය කළ නොහැකි බව ආණ්ඩුවට මේ වනවිට වැටහී ඇති බවත් දැවැන්ත ආර්ථෙික අර්බුදයකට රටක් හැටියටත්, ආණ්ඩුවක් හැටියටත් මේ වනවිට පත් වෙලා තිබෙන බවත් ඔහු පවසයි.

තමන්ට ඡන්දය ලබාදුන් ජනාතාවට ලබා දුන් පොරොන්දු ඉටුකර ගැනීමට නොහැකිව දේශපාලන වශයෙන් සම්පූර්ණයෙන්ම බිඳවැටීමකට ආණ්ඩුව පත්ව ඇති බවත් මේ තත්වය යටතේ ආණ්ඩුව ඇතුළේ විවේචන කරනඅයටත් ගහන අතරේ ආණ්ඩුවයට විකල්ප බලයක් වෙන්න පුළුවන් අයව නිෂ්ක්‍රිය කරන්න ආණ්ඩුව උත්සාහ කරන බව ද එ් මහතා කියා සිටියේය.

විශේෂයෙන්ම මෙම ජනාධිපති විශේෂ කොමිසමට අනුව අවුරුදු 7 කට ප්‍රජා අයිතිය අහෝසි කරමින් ඡන‍්‍දය ඉල්ලන්නත්. ඡන්දය ලබා දීමත් අහෝසි කළ හැති තත්වයකට පත් කරන්නට හැකි බවත් ඔහු සඳහන් කරයි.

මෙය කෙලින් මුහුණට මහුණු දේශපාලනය කරන් තියෙන බය නිසා සිදු කරන ක්‍රියාදාමයක් බවත් තමනට මේ රටේ සාමාජ ආර්ථික ප්‍රශ්නවලට විසඳම් නැති නිසා එම ආර්ථ්ක අර්බුදය දේශපාලන අර්බුදයක් බවට පත් වෙයි කියන බය නිසා සිදු කරන දේශපාලන ක්‍රියාවලියක් බවත් ඔහු පවසයි.

එහු මෙම අදහස් පළ කළේ සමගිජන බලවේගය විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට අදහස් දක්වමිනි.

Related posts

Leave a Comment