එජාපය නැවත නිසි තැනට පත්කර ගත යුතු බව රටටම තේරිලා

එක්සත් ජාතික පක්ෂය නැවත නිසි තැනට පත්කරගත යුතු බවට රට පුරාම දැන් අවශ්‍යතාවක් ඇති වී තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා බදාදා (17) මහනුවරදී පැවසීය.
 
 එක්සත් ජාතික පක්ෂය නැවත සුදුසු ස්ථානයට පත්කර ගන්නා සේම රටට ශක්තිමත් විපක්ෂයක් අවශ්‍ය බවට ද රටේ මතයක් ඇති වී තිබෙන බවත් හෙතෙම කීය.
 
 මහනුවර දිස්ති‍්‍රක්කයේ එජාප සංවිධායකවරුන් සඳහා මහනුවර ඊ. එල්. සේනානායක ළමා පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී පැවති රැස්වීමකදී රුවන් විජයවර්ධන මහතා එසේ ප‍්‍රකාශ කළේය.
 
 තවදුරටත් අදහස් දක්වමින් එජාප නියෝජ්‍ය නායකවරයා මෙසේ ද පැවසීය. අද වත්මන් ආණ්ඩුව පිරිහෙමින් පවතිනවා. ජනතාවගේ ඉල්ලීමක් තිබෙනවා දැන් රටට ශක්තිමත් විපක්ෂයක් අවශ්‍යයි කියා. ජනතාවගේ ගැටලූ වෙනුවෙන් පෙනී සිටින විපක්ෂයක් අවශ්‍ය බව ජනතාව කියනවා. එදා වේල කන්නට නොහැකිව ජනතාව අද පීඩා විඳිනවා. තමන්ගේ දුක් වේදනා ගැන කතා කරන විපක්ෂයක් ඕනෑ කියා ජනතාව කියනවා.
 
 වෙළෙඳපොළට යන ජනතාවට පෙනී යනවා මොන තරම් භාණ්ඩ මිල ඉහළ ගොස් තිබෙනවා ද කියා. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යෑම නිසා පීඩා විඳින ජනතාවගේ දරුවන්ට ‘ඔන්ලයින්’ ක‍්‍රමයට අධ්‍යාපනය ලබා ගැනීමට උපදෙස් දෙනවා. නමුත් ඔන්ලයින් ක‍්‍රමයට අධ්‍යාපනය ලබා ගැනීමට ‘ඬේටා ගාස්තු’ සහනයක් නැහැ.ඩේට්ා ගාස්තු මිල ඉහළයයි. ආණ්ඩුව මේ ගැන සැලකිල්ල දක්වා ඬේටා ගාස්තු අඩුකළ යුතුයි.
 
 දින 19 ක් රටේ සෞඛ්‍ය ඇමැතිවරයෙක් සිටියේ නැහැ. ඒ දින 19 න් දින 10 ක් ගත වන විට කොවිඩ් මරණ සංඛ්‍යාව 94 ක් දක්වා ඉහළ ගියා. දින 19 ගත වුණාට පසුව වැඩබලන සෞඛ්‍ය ඇමැතිවරයකු පත් කළා.
 
 යහපාලන රජය සමයේ රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් වැඩබලන ඇමැතිවරයකු පත්නොකර හිටපු ජනාධිපතිතුමා රට ගියා. පාස්කු ප‍්‍රහාරය එල්ල වුණේ ඒ අවස්ථාවෙයි. ප‍්‍රහාරයෙන් විශාල විනාශයක් සිදු වුණාට පසුව ජනාධිපතිතුමා රටට පැමිණියා. වැඩබලන ආරක්ෂක ඇමැතිවරයකු පත් නොකර රට යෑම නිසා විනාශය ඇති වුණා.
 
 එක්සත් ජාතික පක්ෂයේ අපි දැන් කළ යුත්තේ පක්ෂයට සුදුසු නායකත්වය වටා සංවිධානට වීමයි. රටේ ඉල්ලීමක් තිබෙනවා අපේ පක්ෂය නැවත ප‍්‍රතිසංවිධානය වීමත්, පක්ෂයෙන් වෙන්වී ගිය පිරිස් නැවත ආපසු ලබා ගැනීමත් සඳහා කටයුතු කළ යුතුයි කියා.
 
 ඒ නිසා ඒ ඉල්ලීම ඉටුකිරීම සඳහා අප එකමුතුව අඩුපාඩු සාදාගෙන පක්ෂය ඉදිරියට ගෙන යමු. එම වැඩපිළිවෙළ අනුව පක්ෂයේ සාමාජිකයන්ට සිරිකොත සැමවිටම විවෘතයි. සඳුදා සහ අඟහරුවාදා දිනවල පාක්ෂිකයන් හමුවීමට අප සූදානම්. පක්ෂ මහලේකම් තුමා ඒ දිනවල දී හමුවිය හැකිය. පක්ෂ මූලස්ථානයේ මහලේකම් තුමා සිටිනවා.
 
 එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් රංගේ බණ්ඩාර මහතා අදහස් දක්වමින් වත්මන් ආණ්ඩුවේ වැඩට දක්ෂතාවන් ඇති කිසිවකුත් නැති බවත්, ආණ්ඩුව සෞභාග්‍ය දැක්මේ අඩංගු වූ කරුණු දහයෙන් එකකින්වත් සමත්වී නැති බවත් පැවසීය. ඒ අනුව මේ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම අසමත් ෆේල් ආණ්ඩුවක් යැයි හෙතෙම පැවසීය.
 
 දැන් ආණ්ඩුව ඇතුලේ ගෝරි. ඔය ගෝරිවලට අපි මැදිහත්වෙන්න ඕනේ නැහැ. ඔය ගෝරි තාවකාලික යැයි ද මහ ලේකම්වරයා පැවසීය.
 
 හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර සමන් රත්නපි‍්‍රය මහතා අදහස් දක්වමින් රාජපක්ෂ ආණ්ඩුව ෆේල් අජණ්ඩුවක් යැයි පැවසීය. මැදමුලනට තිබුණු ප‍්‍රසාදය දැන් නැතැයි ද ඒ මහතා පැවසීය.
 
 රට ඉදිරියට ගෙන යා හැකි එකම නායකයා රනිල් වික‍්‍රමසිංහ මහතා පමණකැයි ද හෙතෙම පැවසීය.
 
 නීතිඥ චන්ද්‍රපාල වීරසූරිය, රාජා උස්වැටකෙයියාව, ජේනූල් ආබ්දීන් යන මහත්වරුන් ද කතා කළහ.
 
 මහනුවර දිස්ති‍්‍රක් එජාප සංවිධායක හිටපු පළාත් සභා මන්තී‍්‍ර ශාන්තිනි කෝන්ගහගේ මහත්මිය සහ මහනුවර පුරපති කේසර සේනානායක මහතා ප‍්‍රමුඛ කමිටුවක් විසින් මෙම රැස්වීම සංවිධානය කරන ලදී.

Related posts

Leave a Comment