ආණ්ඩුව හොඳටම ෆේල් – දැන් ලබා දෙන්නේ බොරු සංඛ්‍යාලේඛන, දිනකට කොවිඩ් රෝගීන් දහස පනිනවා

මේ වෙලාවේ කොවිඩ් එන්නත මූලිකව ලබාදිය යුත්තේ රටේ අහිංසක ජනතාවට බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක් අබේසිංහ පවසයි.
වැඩිදුරටත් අදහස් දන්වමින් මන්ත්‍රීවරයා මෙසේ පැවසීය..


‘‘මම කොවිඩ් එන්නත විදගත්තේ නැහැ. මේ වෙලාවේ රටේම ජනතාව ඉන්නේ දැඩි බයකින්. මේ නිසා රටේ සමස්ත ලක්‍ෂ 150 ක ජනතාව කොවිඩි එන්නත විද ගත්තාට පස්සේ තමයි මම මේ එන්නත විදගන්නේ. එතකං මම පරිස්සම් වෙනවා.
 
 මේ එන්නත විදගන්න ලක්‍ෂ 150ක ජනතාවක් ඉන්නවා. එතකොට මේ අයට එන්නත් ලක්‍ෂ 300 ක් ඕනෑ. දැන් රටේම ජනතාව ඉන්නේ ප‍්‍රශ්න ගොඩක. සමහරුන්ගේ රැුකියාවල් අහිමි වෙලා. සමහරුන්ට ජීවත්වෙන්න විදිහක් නැහැ. දැඩි පීඩනයක රටේම ජනතාව ඉන්නේ. එහෙම පීඩනයක ඉන්න ජනතාව කොවිඞ් නිසා බයවෙලයි ඉන්නේ. මේ නිසා කොවිඞ් එන්නත මූලිකව ලබාදිය යුත්තේ රටේ සාමාන්‍ය ජනතාවටයි.
 
 ඒ අයට දුන්නාට පස්සෙයි පාර්ලිමේන්තු මහන්ත‍්‍රීවරුන්ට කොවිඩ් එන්නත ලබාදෙන්න තිබුණේ.
 
 ‘‘දැන් මේ ආණ්ඩුව කොවිඩ් 19 පාලනය කිරීම සම්බන්ධයෙන් අසාර්ථක වෙලා තිබෙනවා. ආණ්ඩුව දැන් හොඳටම ෆේල්. මේ ආණ්ඩුව දැන් ලබා දෙන්නේ බොරු සංඛ්‍යාලේඛන. අපට ආරංචි හැටියට දිනකට වාර්තාවන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව දහස පනිනවා. නමුත් කියන්නේ රෝගීන් 700 යි 800 යි කියලා. මරණ ප‍්‍රමාණයත් වැඩියි. මේ වෙලාවේ ආණ්ඩුව කරන්න ඕන ජනතාවට සත්‍යය ප‍්‍රකාශ කිරීමයි.

ඔහු මෙම අදහස් පළ කර තිබුණේ දිවයින පුවත්පතට අදහස් දක්වමිනි.

Related posts

Leave a Comment