රාජපක්ෂලා අපිට බයයි, ඒ ගැන අපි ආඩම්බරයි – ප‍්‍රජා අයිතිය අහෝසි කරලා බලන්නකෝ

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පසුගිය සති අන්ත පුවත්පත් සාකච්ඡාවකට එක් වී අදහස් පළකර තිබුණා.එහිදී වත්මන් දේශපාලන වටපිටාව සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණේ මෙන්න මේ විදිහට..

රශ්නය – දේශපාලන පලිගැනීම් පිළිබඳ කොමිසම ගැන මොකද හිතන්නේ?

පිළිතුර – දේශපාලන පළිගැනීම් කොමිසම පැහැදිලිවම කොමිසමක් නෙමේයි. එය උමතු රෝගියෙක් විසින් කරගෙන දේශපාලනික කි‍්‍රයාවලියක්. රටේ නීතිපතිවරයා විසින් නඩු පැවරූ නඩුවලින් මේ රටේ දේශපාලකයන් කිහිප දෙනෙක් දඩයම් කරන්න හදනව නම් මේ රටේ අධිකරණ ක‍්‍රියාවලියට කරන බරපතළ අපහාසයක්. පොලිසියට බලපෑමක් කළා නම් කවුද එය කරන්නේ ? පොලිසිය භාරව කටයුතු කළ තිලක් මාරපන, සාගල රත්නායක මේකෙන් චෝදනා කරලා තිබෙනවාද? අධිකරණයට බලපෑම් කළානම් කරන්නේ අධිකරණ ඇමැතිවරයා. එහෙම නම් විජයදාස රාජපක්ෂට මෙහි වගඋත්තර කරුවෙක්ද? මෙය පලිගැනීමේ චේතනාවෙන් කරන කටයුත්තක්. රාජපක්ෂ පවුල ප‍්‍රභාකරන් කරගෙන ගියාට වඩා හානියක් මෙරට ආර්ථික දේහයට කරගෙන යනව. මේක මුලිනුපුටා දැමීමට අපි කරන කි‍්‍රයාවලියට කිසිවෙක්ට බාධා කරන්න බෑ. අපි යටත් වෙන්නෙ නෑ.

ප‍්‍රශ්නය – ගොනා හැරෙන්නේ පොල් පැලය කන්නද?

පිළිතුර – පොල් පැලය කියන්නේ…. රාජපක්ෂලා අපිට බයයි. ඒ ගැන අපි ආඩම්බරයි. අපගේ ප‍්‍රජා අයිතිය අහෝසි කරලා බලන්නකෝ.

ප‍්‍රශ්නය – මේ තත්ත්වයත් සමඟ ආණ්ඩුවට එක්වීම සඳහා ආරාධනා නැද්ද?

පිළිතුර – මෙහෙමයි… රාජපක්ෂලාගේ සහ අනෙකුත් පවුල් දේශපාලනය මෙරටින් අතුගා දැමීම තමයි අපේ අරමුණ. ප‍්‍රභාකරන්ගේ ත‍්‍රස්තවාදයට වඩා හානියක් මේ පවුල රටේ ආර්ථික දේහයට කරගෙන යනවා. මෙය මුලිනුපුටා දමන තෙක් අපි ඊට එරෙහිව සටන් කරනවා. අපි යටත් වෙන ජාතියේ මිනිස්සු නෙවෙයි.

ප‍්‍රශ්නය – ඔබ දැන් එහෙම කියනවා. නමුත් මහින්ද චින්තන සෑදීමේ ප‍්‍රධාන කොටස්කරුවෙක් ඔබ.

පිළිතුර – අපි ඒකෙන් ප‍්‍රයෝජනයක් ගත්ත. අපි නැත්නම් මහින්ද අගමැති කෙනෙක් නෙමෙයිනෙ. ජනාධිපති කෙනෙක් නෙමෙයිනෙ. අපි ඒ ගැන ලැජ්ජා වෙන්නෙ නෑ. මහින්ද රාපක්ෂ මහත්තය අපි ගැන දන්නව. අපි ඒ අය ගාව දණ ගහන්නෙ නෑ. අපි දණ ගහන්නෙ සම්බුද්ධ ධර්මය ඉදිරියෙ විතරයි. රාජපක්ෂලට මේ කරගෙන යන කි‍්‍රයාවලියෙන් රට බේරා ගැනීමට අපේ අරගලය අපි කරනව. ප‍්‍රජා අයිතිය අහෝසි කරල, හිරේ දාල ඒක නවත්වන්න බෑ. ඒ වගේම ලබන වතාවෙත් සිරිසේනල, රනිල් වගේ ඞීල් දාන අයට ඒ වගේම විපක්ෂයේ ඩබල් ගේම්කරුවන්ට ආයෙත් බලයට එන්න ඉඩ තියන්නෙත් නෑ. ඒකත් බොහොම අවධාරණයෙන් කියනවා.

Related posts

Leave a Comment